ගුරු විභාගය කල් යයි

115


හෙට පැවැත්වීමට නියමිතව තිබූ ජාතික සහ පළාත් පාසල්වල පවතින ගුරු පුරප්පාඩු සඳහා රාජ්‍ය සේවයේ නියුතු උපාධිධාරීන් ශ්‍රී ලංකා ගුරු සේවයට බඳවා ගැනිමේ තරග විභාගය කල් දමා තිබේ.

අධ්‍යාපන අමාත්‍යාංශය පැවසුවේ එම තරග විභාගය ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයක් මත එදිනට නොපැවැත්වෙන බවය.

ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය මත විභාගය පැවැත්වෙන දිනය ප්‍රසිද්ධ කරන බව එම අමාත්‍යාංශය සඳහන් කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment