ගුරු වෘත්තිය අතහැර වේදිකාව තෝරාගත් නාට්‍යවේදියා

445


අද අධ්‍යක්‍ෂවරයෙක්

 කතාබහ- – කේ. බී. හේරත්

 වේදිකාවට අත්පොත් තබයි

 මම පාසල් ගියේ ඉබ්බාගමුව මධ්‍ය මහා විද්‍යාලයට. උසස් පෙළ කරන කාලෙ තමයි වේදිකාවට යොමු වෙන්නෙ. ඒ 1960-61 කාලයේ. 1962 වසරේදි මම පේරාදෙණිය විශ්වවිද්‍යාලයට ඇතුළත් වෙනව. මේ කාලවකවානුවේ තමයි මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර මහත්මයා සිංහබාහු නාට්‍ය නිෂ්පාදනය කරන්නෙ. ශිෂ්‍යයන් අතරත් නාට්‍ය කලාව ඉගෙන ගන්න” පර්යේෂණ කරන්න ලොකු උණක් ඇතිවෙලා තිබුණා. ඒකට ප‍්‍රධානම හේතුව වෙන්නෙ සරච්චන්ද්‍ර මහත්මයා අපේ සිංහල ගුරුවරයා වීම. එතුමා ඇසුරෙන් අපිට වේදිකාවට ගොඩවෙන්න මූලික අඩිතාලම වැටුණා.

 මගෙන් වැඩක්

 විශ්වවිද්‍යාලයෙන් පිටවෙලා ඉන්න කාලෙ පාසල් නාට්‍ය තරගයකට ‘දෙලොවක් අතර. නමින් නාට්‍යයක් කළා. ඒක සමස්ත ලංකා තරග නියෝජනය කළා. ඒ 1972 වසරේදි. ඉන් පස්සෙ 1979 වසරේදි මගේ අතින් නිර්මාණය වුණ ‘සුදු කරල්. නාට්‍ය එම වසරේ රාජ්‍ය නාට්‍ය උළෙලේදි හොඳම ස්වතන්ත‍්‍ර නාට්‍යයට හිමි සම්මානය දිනා ගැනීමට සමත් වුණා. එතැනින් ඇරඹෙන නාට්‍ය ගමනේදි මේ වන විට ස්වතන්ත‍්‍ර නාට්‍ය විස්සක් පමණ තිර රචනය සහ නිෂ්පාදනය කළා. ඒ මායා දේවී” නාග ගුරුලා” දෝන කතිරිනා” දෙවෙනි මහින්ද” වාසුදේව” යසෝදරා” ජගන්මා” කළු කුමාරි” දොන් ජුවන්” සිරිබෝ තට්ටුව” දිවිය පේ‍්‍රමය වැනි නාට්‍ය. මේ නාට්‍ය අතරින් බොහෝමයක ප‍්‍රධාන නිළිය රාජ්‍ය නාට්‍ය උළෙලේදි හොඳම නිළියට හිමි සම්මානය දිනාගෙන තියෙනවා. ඒ වාගේම මේ නාට්‍ය සියල්ලටම රංගනයෙන් දායක වුණේ ලංකාවේ ප‍්‍රවීණ නළු නිළියන්. මට නාට්‍ය පිටපත් ලියන්න පුළුවන් නිසා ප‍්‍රතිපත්තියක් හැටියට පරිවර්තන නාට්‍ය කළේ නැහැ.

ගුරු වෘත්තිය අතහැර වේදිකාව තෝරාගත් නාට්‍යවේදියා



 සම්මානයක වරුණ

 මේ වන විට වේදිකා නාට්‍ය සම්බන්ධයෙන් සම්මාන පනහකටත් වඩා හිමිකර ගැනීමට මම සමත් වෙලා තියෙනවා. ඒ වාගේම පසුගිය 2018 වසරේදි ලංකාවේ නාට්‍යකරුවකුුට හිමි වන ඉහළම සම්මානය වන ‘නාට්‍ය කීර්ති. සම්මානයත් මට හිමි වුණා.

 වෘත්තිය

 1965 වසරේ සිට වසර කිහිපයක් මම ඉංග‍්‍රීසි සහ ඉතිහාසය ගුරුවරයෙක් විදිහට කටයුතු කළා. ඒ වාගේම පේරාදෙණිය” කොළඹ” කැලණිය සහ හොරණ යන විශ්ව විද්‍යාලවල කථිකාචාර්යවරයෙක් හැටියටත් කටයුතු කළා. නමුත් පසුකාලීනව ඒ සියල්ලෙන්ම ඉවත් වෙලා පූර්ණකාලීනව වේදිකාවට යොමු වුණා.

 දායකත්වය

 මම කාලයක් රාජ්‍ය නාට්‍ය උළෙලේ විනිශ්චය මණ්ඩලයේ සභාපති හැටියට කටයුතු කළා. නාට්‍ය අනුමණ්ඩලයේත් සභාපති ලෙස කටයුතු කළා. ඒ වාගේම 1990 වසරේ සිට අද දක්වාම ජාතික තරුණ සේවා සභාවට සම්බන්ධ වෙලා යොවුන් නාට්‍ය උළෙලේ විනිශ්චයකරුවෙක් හැටියට කටයුතු කරනවා.

 වේදිකාව සහ පුංචි තිරය

 මම වේදිකා නාට්‍ය ශිල්පියෙක් වුණාට ප්‍රේක්‍ෂකයො මාව දන්නෙ ටෙලි නාට්‍ය රචකයෙක් විදිහට. මේ වන විට මගේ අතින් වෘතාන්ත ටෙලි නාට්‍ය තුන්සියයකටත් වඩා රචනා වෙලා තියෙනවා. ඒ වගේම ඒකාංගික ටෙලි නාට්‍ය දෙසියයකටත් වඩා රචනා වෙලා තියෙනවා. මුල් කාලයේ වේදිකාවේ රැුකියාව ස්වෙච්ඡුා සේවයක් වගේ. නමුත් ලංකාවේ සියලූම වේදිකා නාට්‍ය ශිල්පීන් යම් මුදලක් උපයාගත්තා නම් ඒ ටෙලි නාට්‍ය මගින්. මේ සත්‍ය මටත් අදාළයි. මේ කොහොම වුණත් මම මාව හඳුන්වන්නෙ වේදිකා නාට්‍ය ශිල්පියෙක් හැටියට.

ගුරු වෘත්තිය අතහැර වේදිකාව තෝරාගත් නාට්‍යවේදියා



 එදා සහ අද

 එදා වේදිකාව අත්‍යවශ්‍ය අගයක් වුණා. නාට්‍ය නරඹන්න විශාල පේ‍්‍රක්‍ෂක සංඛ්‍යාවක් සහභාගි වුණා. නමුත් යම් යම් කාරණා නිසා ඒ පිරිස නැතිව ගියා. අද නාට්‍ය කලාවක් නැති තරම්. මේ තත්ත්වය උදාවෙන්න ප‍්‍රධානම හේතුව රාජ්‍ය අනුග‍්‍රහය නැතිකම. රටක දියුණුව කියන්නේ සංස්කෘතික දියුණුව. මේ රජයට එහෙම දෙයක් අවශ්‍ය බව පේන්න නැහැ. අඩුම තරමින් සංස්කෘතික ඇමැතිවරයෙක්වත් නැහැ.

 කට්ට කෑම

 මේ කට්ට කෑම යන වචනය බොහෝ දෙනෙක් අර්ථකථනය කරන්නේ වැරදි ආකාරයට. එහි නියම අරුත විය යුත්තේ ‘කලාව යන්නෙහි සැබෑ අරුත

 සොයාගැනීම.. කලාකරුවෙක් කිසිම දිනෙක පරිපූර්ණ වෙන්නෙ නැහැ. සෑම මොහොතකම ඔහුට හෝ ඇයට හදාරන්නට යමක් තියෙනවා. ඔවුන් නිතරම සිතන්නේ තමාගේ ආත්ම ප‍්‍රකාශනය කරන්නෙ කොහොමද කියන එක. ඒක පේ‍්‍රක්‍ෂකයාට දනවන්නේ කොහොමද කියන එක. කවදාවත් කලාකරුවක-ුට පවතින සමාජයට හෝ රජයට අනුගත වෙන්න බැහැ. මොකද ඔවුන් හොයන්නේ ඊට එහා ගිය දෙයක්.

 නවකයෝ

 නාට්‍ය ක්‍ෂේත‍්‍රයේ ඉතා දක්‍ෂ නවකයන් ඉන්නවා. හොඳ නාට්‍ය නිෂ්පාදනය වෙනවා. නමුත් ඒ කාලේ වගේ පුළුල් නිෂ්පාදනයක් කෙරෙන්නෙ නැහැ. ඔවුන්ගේ හැදෑරීම දුර්වලයි. තමන්ගේ හැදෑරීම අනුව තමයි නිර්මාණය කොතෙක් දුරට පුළුල් පරාසයකට යනවද කියන එක තීරණය වෙන්නෙ.

 වත්මන් පේ‍්‍රක්‍ෂකයා

 නව ලිබරල්වාදී ධනවාදී ආර්ථිකයත් එක්ක සමාජය සම්පූර්ණයෙන්ම වෙනස් වුණා. අපි නාට්‍ය කළ යුගයේ පේ‍්‍රක්‍ෂකයා වුණේ බුද්ධිමත් මධ්‍යම පාන්තිකයන්. විවේචකයන් හිටියා. ඉන් පස්සෙ කාලෙක පේ‍්‍රක්‍ෂකාගාරයට ආවේ නාට්‍ය බලල හිනා වෙන අය. මේ තත්ත්වයත් එක්ක ක‍්‍රමක‍්‍රමයෙන් අද වන විට වේදිකාවේ ප්‍රේක්‍ෂකාගාරය පිරිහිලා.

 අලූත් වැඩක්

 මගේ අලූත්ම වේදිකා නාට්‍ය නිර්මාණය ‘දිවිය පේ‍්‍රමය.. මේ වන විට නළු නිළියන් තෝරාගෙන මුහුරත් උළෙල පවා පවත්වා අවසන්. නුදුරු දිනයක වේදිකාගත කරන්න සියල්ල සූදානම් කරමින් පවතිනවා.



 මහේෂ් එදිරිසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment