ගුරු සමිති හා බැසිල් අතර සාකච්ඡාවක් ළඟ ළඟම – ඇමැති අමරවීර

134

ගුරු විදුහල්පති වැටුප් විෂමතාව ඉවත් කිරීම සම්බන්ධයෙන් එම වෘත්තිය සමිති සංගම් සමග ඉතා ඉක්මනින් මුදල් ඇමැතිවරයා සාකච්ඡුාවක් පවත්වනු ඇති බව වැටුප් විෂමතාව ඉවත් කිරීම සඳහා පත්කළ අමාත්‍ය කමිටු සාමාජික හා පරිසර ඇමැති මහින්ද අමරවීර මහතා සඳහන් කළේය.

මේ වන විටත් එම ගුරු සංගම් ඉදිරිපත් කරන ලද ඉල්ලීම් 11කින් දහයකට කමිටුව විසින් නිශ්චිත විසඳුම් ලබා දී ඇති බව ද අමරවීර මහතා සඳහන් කළේය.

එම නිසා වැටුප් විෂමතාව ඉවත් කිරීම සඳහා මේ වන තෙක් රජය ගෙන ඇති පියවර ගැන විශ්වාසය තබා මාර්ගගත අධ්‍යාපනය ළමුන්ට ලබා දෙන ලෙස ඇමැතිවරයා එම වෘත්තිය සංගම්වලින් ඊයේ (23 දා) සිය අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් සඳහන් කළේය. මේ වන විට නාගරික හා ජාත්‍යන්තර මෙන්ම පෞද්ගලික පාසල් දරුවන්ටත්, ධනවත් පවුල්වල දරුවන්ටත් මාර්ගගත ක‍්‍රමයට අධ්‍යාපනය හොඳින් ලැබෙන බවත් උතුරු පළාතේ ගුරුවරුන් වැඩවර්ජනයට සහභාගි නොවී ඉගැන්වීමේ කටයුතුවල නිරත වන බවත් ඇමැතිවරයා සඳහන් කළේය.

අරුණ බෝගහවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment