ගුරු හිඟයට පිළියම් ඉල්ලා තඹලගමුවේ උද්ඝෝෂණ

93

තඹලගමුව, මූත්තුනගර් මුස්ලිම් විදුහලේ පවතින උග‍්‍ර ගුරු හිඟයට පිළියම් ඉල්ලා දෙමාපියන් සිසු දරුවන්ද සමඟ පාසල වසා දමා උද්ඝෝෂණයක නිරත වූහ. එදින පැවැත්වීමට තිබූ වාර විභාග කටයුතුවලටද මින් බාධා ඇතිව තිබුණි.

පාසල් ගේට්ටුව විවෘත කරන ලෙසට පොලිසිය පැමිණ තර්ජනය කළ බව උද්ඝෝෂකයන් කියා සිටි අතර තඹලගමුව කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂවරයා පැමිණ එළැඹෙන පාසල් වාරයේ අනිවාර්යෙන්ම ගුරුවරු ලබාදෙන බවට පොරොන්දු වීමෙන් පසුව පිරිස විසිර ගියහ.

කන්තලේ – ඩබ්. එම්. වික‍්‍රමසිංහ
 

advertistmentadvertistment
advertistmentadvertistment