ගුවන්තොටින් ඔමික්‍රොන් ආවේ හරියට ජාන පරීක්‍ෂා නොකළ නිසයි – වෛද්‍ය නවීන් ද සොයිසා

179

කොවිඞ් විකෘති ප‍්‍රභේද සෙවීමේ ජාන පරීක්‍ෂාවන් විiානුකූලව මෙරට සිදු නොකිරීම ‘ඔමික්‍රොන්’ ගුවන් තොටින් පැමිණීමට හේතු වූ බව රජයේ වෛද්‍යනිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම්, වෛද්‍ය නවීන් ද සොයිසා මහතා ‘දිවයින’ට ඊයේ (03 දා* පැවසීය.

කොවිඞ් වෛරස රෝගය වළක්වා ගැනීමට එන්නත්කරණය වැදගත් බව ලොව සෑම සෞඛ්‍ය අංශයකින්ම පෙන්වා දී තිබුණ ද ශී‍්‍ර ලංකාවෙන් සොයාගනු ලැබූ ‘ඔමික්‍රොන්’ වෛරස ආසාදිත කාන්තාව කිසිදු එන්නතක් ලබා නොගෙන පසුගියදා අපි‍්‍රකානු රටක සංචාරය කර ඇති බවට තොරතුරු වාර්තා වී ඇතැයි ද වෛද්‍යරයා කියා සිටියේය.

අදාළ කාන්තාව නිරෝධායනයට යොමුකර සිටියදී කළ ජාන පරීක්‍ෂාවකින් ඇයට ‘ඔමික්‍රොන්’ විකෘති කොවිඞ් වෛරස් ප‍්‍රභේදය ආසාදනය වී ඇති බවට සොයාගෙන ඇතැයි ද කී වෛi නවින් ද සොයිසා මහතා මේ වන විට ඇයගේ ආශි‍්‍රතයන් පිළිබඳව විශේෂ අවධානයක් යොමුකර ඇතැයි ද පැවසීය.

මේ පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වූ වෛiවරයා මෙසේ ද සඳහන් කර සිටියේය.

‘අපේ ගුවන්තොටුපළින් එන පිරිස් පිළිබඳව නිසි ලෙස සොයා බලා, විශේෂයෙන්ම එන්නත් ලබා නොගත් පුද්ගලයන් පිළිබඳව ජානමය පරීක්‍ෂණ සිදු කළ යුතුව තිබුණා. එසේ කළා නම් අපිට ‘ඔමික්‍රොන්’ පිළිබඳව කලින්ම සොයාගත හැකිව තිබුණා.

ඔමික්‍රොන් විකෘති කොවිඞ් වෛරසයේ ප‍්‍රචණ්ඩත්වය පිළිබඳව තාම ලෝකයටම නිසි අවබෝධයක් නැහැ. අවධානය දීලා තියෙන්නේ විකෘතිතා වැඩියි කියන එකට විතරයි. මේ වෛරසය හරහා කොතරම් පිරිසක් ආසාදනය වෙයිද? මිය යයිද? කියලා පුරෝකථන නැහැ. ඒ තත්ත්වය තමයි ඉතාම භයානක.

ජනතාව දැන් අනතුර වටහා ගත යුතුයි. රට වහනවද මෙයට නිසි ලෙස අනුගත වෙනවද තීරණය ඔවුන්ගේ අතේ. තම තමන්ගේ සංචරණ තම තමන්ම සීමා කරගත හොත් ඔමික්‍රොන් ට මුහුණ දීමට අපහසු වන එකක් නැහැ.

සුජීව තත්සර

advertistmentadvertistment
advertistmentadvertistment