ගුවන්තොටුපලේ පීසීආර් පරීක්ෂණාගාරය විවෘත කෙරේ

455

සෞඛ්‍ය අමාත්‍යාංශයේ අනුමැතිය නොමැතිවීම නිසා වසා දමා තිබූ කටුනායක ගුවන්තොටුපලේ පීගසීගආර්ග පරීක්ෂණාගාරයේ වැඩ කටයුතු අද (27) යළිත් ආරම්භ විය.

ඒ අනුව ලංකාවෙන් පිටත්ව යන සියලුම ගුවන් මගීන්ට සහ එක් එන්නතක් පමණක් ලබාගෙන ලංකාවට පැමිණෙන ගුවන් මගීන්ට අවශ්‍ය පීසීආර් පරීක්ෂණ කටයුතු ඇරඹිණි.

කටුනායක ගුවන්තොටුපලට අනුබද්ධිත ඒඒඑස්එල් හොස්පිනෝම් පීසීආර් පරීක්ෂණාගාරය සදහා මේ වන විට සෞඛ්‍ය අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ අනුමැතිය ලැබී ඇති අතර පැය තුනක් ඇතුළත පීසීආර් පරීක්ෂණ වාර්තාව ලබාදීමට කටයුතු කරන බව රසායානාගාරයේ කාර්යභාර කළමනාකරු සුමුදු සරසිරාජා සදහන් කළාය.

advertistmentadvertistment
advertistmentadvertistment