ගුවන්තොටේ තීරණය රට අනතුරේ හෙළීමක්

320

ගුවන් මගීන් සහ සංචාරකයන් පී. සී. ආර්. පරීක්ෂාවකින් තොරව, රටට ඇතුළු කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය ගනු ලැබූ තීරණය නිසා රටම අවදානමකට ලක්ව ඇතැයි සෞඛ්‍ය වාත්තියවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා පවසයි.

එංගලන්තය, ප‍්‍රංශය වගේ රටවල්වල තත්ත්වය වැරදියට පෙන්නලා ව්‍යාපාරික උවමනාවන් මත නැවත නැවත කොවිඞ් තීරණ ගැනීම නිසා රටේ මහජනතාව කැපවීමෙන් පාලනය කරගත් වසංගතය යළි හිස එසව්වොත් තීරණ ගනු ලැබූ ඊනියා විශේෂඥයින් එහි වගකීම භාරගත යුතු බව ද ඔහු කීය.

මේ වනවිට රජය මගින් විදෙස් රටවල සිට පැමිණෙන අය කොරෝනා මර්දන එන්නත් දෙකම ලබාගෙන රටට ඇතුළු වනවා නම් පී. සී. ආර්. පරීක්ෂණයක් සිදුනොකර ඔවුන්ට ගුවන් තොටුපළෙන් පිටවීමට අනුමැතිය ලබාදිමට තීරණය කර තිබෙන බව ද කුමුදේශ් මහතා වැඩිදුරටත් පැවසීය.


 චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment