ගුවන්යානයේදී කැත වැඩක් කළ බීමත් මගියා ගැන මාසයකට පසු පරීක්ෂණ

332

නිව්යෝර්ක් සිට දිල්ලිය බලා ගමන් කළ එයාර් ඉන්දියා ගුවන්යානයක සිටි බීමත් මගියකු එහි සිටි තවත් මගී කාන්තාවකගේ ශරීරයට මුත්‍රා කර නිරුපද්‍රිතව පිටව යෑමේ පුවතක් වාර්තා වේ.

මෙම සිද්ධිය සිදුව ඇත්තේ පසුගිය නොවැම්බර් 26 වැනිදාය. බීමත් මගියා 70 හැවිරිදි ගුවන්මගී කාන්තාවගේ ශරීරයට මුත්‍රා කර ඇති අතර ඇය මේ ගැන එහි කාර්යමණ්ඩලය දැනුවත් කර ඇතත් ඔවුන් මේ පුද්ගලයාට එරෙහිව පියවර ගෙන නැත. එම නිසා මෙම පුද්ගලයා දිල්ලි ගුවන්තොටුපළෙන් බැස පිටත්ව ගොස් තිබේ. පසුව මෙම කාන්තාව එයාර් ඉන්දියා ගුවන් සේවය අයත් ටාටා ගුවන් සමාගමට මේ ගැන ලිපියක් මගින් දන්වා ඇත. ඒ අනුව පරීක්ෂණ පවත්වා ඇති අතර පොලිස් පැමිණිල්ලක් ද ඉදිරිපත් කර තිබේ.
චතුර පමුණුව

advertistmentadvertistment
advertistmentadvertistment