ගුවන්යානය ලෙඩදී පයාගල වෙරළට බායි

308

පුහුණු පියාසැරියක යෙදී තිබූ පෞද්ගලික සමාගමකට අයත් සැහැල්ලූ ගුවන්යානයක එන්ජිමේ ඇතිවූ කාර්මික දෝෂයක් හේතුවෙන් ඊයේ (22 වැනිදා* පස්වරු 2.00 ට පමණ එම ගුවන් යානය හදිසියේ පයාගල වෙරළ තීරයට ගොඩබානු ලැබීය.

ගුවන්යානය ලෙඩදී පයාගල වෙරළට බායි


සිද්ධියත් සමග ගුවන් හමුදාවේ ගලවා ගැනීමේ කණ්ඩායම් දෙකක් එම ස්ථානයට පිටත් කර යැවූ බව ගුවන් හමුදා මාධ්‍ය ප‍්‍රකාශක ගෲප් කපිතාන් දුෂාන් විජේසිංහ පැවසීය.

යානයේ එන්ජිමේ දෝෂය ඇතිවන අවස්ථාවේ එහි පුහුණු ගුවන් නියමුවා සහ පුහුණුව ලබමින් සිටි සිසුවා ගමන් කරමින් සිට ඇති අතර සිද්ධියෙන් ඔවුන්ට කිසිදු අනතුරක් සිදුව නැත.

මෙම යානය ගොඩබස්සවා ඇත්තේ සාමාන්‍ය ජනතාව ගැවසෙන සිවිල් ප‍්‍රදේශයකට වන බැවින් යානය වෙරළ තීරයෙන් ඉවත් කර ගැනීම සඳහා ඉල්ලීමක් ඉදිරිපත් කෙරුණහොත් ගුවන් හමුදාවේ සහාය ලබා දීමට හැකි බව ද ගුවන් හමුදා මාධ්‍ය ප‍්‍රකාශකවරයා සඳහන් කළේය.

සිද්ධිය වූ ස්ථානයට ගිය ගුවන් හමුදා නිලධාරීන් ද යානය පරීක්‍ෂාවට ලක් කර ඇති අතර අදාළ ගුවන් සමාගම සිවිල් ගුවන් සේවා අධිකාරිය සමග සිදු කරන සාකච්ඡුාවලින් අනතුරුව දෝෂයට ලක්වූ යානය වෙරළ තීරයෙන් ඉවත් කිරීමට නියමිතය.

සමන් ගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment