ගුවන්යානා 21ක් බදු ගන්න සැලසුම දිගටම

337

අලුත් ගුවන් යානා 21 ක් දිගුකාලීනව බදු ගැනීම සඳහා ඉදිරිපත් කරන ලද වැඩපිළිවෙළ ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකන් ගුවන් සේවය තීරණය කර ඇත.

 රටේ දැනට පවතින දුෂ්කර ආර්ථික තත්ත්වය සලකා මෙම තීරණය තුන් මාසයක කාලයකට අත්හිටුවීමට පමණක් එම සමාගම කටයුතු කරනවා ඇත.

 ශ්‍රී ලංකන් ගුවන් සේවය භාවිතා කරන ගුවන් යානාවලින් ගුවන් යානා 9 ක බදු කාලය ලබන වසර අගදී අවසන්වීමට නියමිතය.

 මේ අනුව නව ගුවන් යානා 21 ක් බදු ගැනීමට යෝජනා පත්‍රයක් ඉදිරිපත් කරන ලදී. ඒ 320 සහ ඒ 330 යන මාදිලිවලට අයත් ගුවන් යානා මේ අනුව බදු ගන්නවා ඇත.

 ශ්‍රී ලංකන් ගුවන් සේවය මගින් නිකුත් කරන ලද නිවේදනයක සඳහන් වන පරිදි ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් ගුවන් යානාවලින් 60% ක් ඉවත් කර නව ගුවන් යානා ලබාගැනීමේ අවශ්‍යතාව පවතී.

 එහෙත් රටේ පවතින දැඩි ආර්ථික අර්බුදය නිසා ශ්‍රී ලංකන් ගුවන් සේවය වෙනුවෙන් අලුත් යානා බදු ගැනීමට එරෙහිව මතයක් ගොඩනැගී තිබිණි.

advertistmentadvertistment
advertistmentadvertistment