ගුවන්යානා 21 ක් කුලියට ගැනීම තෙමසකට කල් දමයි

463


ශී‍්‍ර ලංකන් ගුවන් සමාගම මගින් 2022-2025 අතර කාලය සඳහා ගුවන්යානා 21 ක් කුලියට ගැනීම සම්බන්ධව ප්‍රසම්පාදන ක්‍රියාවලිය තෙමසකට කල්දමන ලෙස පොදු ව්‍යාපාර පිළිබද කාරක සභාවේ සභාපති මහාචාර්ය චරිත හේරත් මහතා එම සමාගමට අද :25* නිර්දේශ කළේය.

ඒ අනුව පවතින ආර්ථික තත්ත්වය හමුවේ සම්පූර්ණ ක්‍රියාවලිය පිළිබද සමාලෝචනය කරන ලෙසත් අදාළ ප්‍රසම්පාදන ක්‍රියාවලිය නිසි ක්‍රමවේදයට අනුගත වන්නේද යන්න සොයාබලන ලෙසත් සංචාරක අමාත්‍යාංශයේ සහ ගුවන් සේවා හා අපනයන කලාප සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරුන්ට කෝප් සභාපතිවරයා උපදෙස් ලබා දුන්නේය.

තවද ප්‍රසම්පාදන මාර්ගෝපදේශයක් නිසි පරිදි සකස් කිරීම සහ අදාළ ප්‍රසම්පාදනය කැබිනට් අමාත්‍යවරයා හරහා කැබ්නට් මණ්ඩලයට ඉදිරිපත්කර කැබිනට් තීරණයක් ලෙස සිදු කරන ලෙසත් කෝප් සභාපතිවරයා මෙහිදී නිර්දේශ කළේය.

ගුවන්යානාවල සේවා කාලය අවසන්වන විට ඒ සදහා ගුවන් යානා ප්‍රතිස්ථාපනය කිරීම ගුවන් සේවය පවත්වාගෙන යාම සදහා අතවශ්‍ය කාරණයක් බව පිළිගන්නා නමුත් රටේ වත්මන් ආර්ථික අර්බුදකාරි තත්ත්වය හමුවේ ඒ පිළිබදවත් වඩා අවධානයක් යොමු කරමින් අදාළ අවශ්‍යතා සපුරා ගැනීම වැදගත් බව කමිටුව පෙන්වා දුන්නේය.

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ගුවන්යානා කුලියට ගැනීම සම්බන්ධව පසුගියදා පාර්ලිමේන්තුවේදී ඇතිවූ සාකච්ඡාව හේතුවෙන් ඇතිවූ යෝජනාවක් මත අද දින : 25* කෝප් කමිටුව හමුවට එම ආයතනය කැදවා තිබිණි.

advertistmentadvertistment
advertistmentadvertistment