ගුවන් ගමන් ප්‍රමාදයි: හරක්කටා සහ කුඩු සලිඳු රැගෙන ඒම අදට කල්යයි

166

මැඩගස්කරයේ දී අත්අඩංගුවට ගත් මෙරට ප්‍රධාන පෙළේ හෙරොයින් ජාවාරම්කරුවන් දෙදෙනකු වන හරක්කටා සහ කුඩු සලිඳු ඊයේ (14 වැනිදා) ශ්‍රී ලංකාවට රැගෙන ඒමට නියමිතව තිබුණ ද ගුවන් ගමන් ප්‍රමාදයක් නිසා අද (15 වැනිදා) දක්වා කල් දැමීමට සිදුවී ඇත.

හරක් කටා සහ කුඩු සලිඳු රැගෙන ඒමට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ සහ පොලිස් විශේෂ කාර්ය බළකායේ සහකාර පොලිස් අධිකාරිවරුන් දෙදෙනෙක් සහ ප්‍රධාන පොලිස් පරීක්‍ෂකවරුන් දෙදෙනෙක් මැඩගස්කරය බලා පසුගියදා පිටත්ය ගියහ. මැඩගස්කර පොලිසිය භාරයේ සිටි මෙම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෝ දෙදෙනා ඊයේ ශ්‍රී ලංකාවට ගෙන ඒමට නියමිතව සිටියහ.

එහෙත් මැඩගස්කරයේ සිට ශ්‍රී ලංකාව වෙත පියාසර කරන ගුවන් යානාවල ප්‍රමාදයක් නිසා මෙම ජාවාරම්කරුවන් දෙදෙනා ශ්‍රී ලංකාවට රැගෙන ඒම අද දක්වා කල් දැමීමට සිදු වූ බව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් කියා සිටියේය.

හේමන්ත රන්දුණු

advertistmentadvertistment
advertistmentadvertistment