ගුවන් ගාස්තු 27%කින් නගී

364

මෙරටින් නිකුත් කරන සියලූම ගුවන් ප‍්‍රවේශ පත‍්‍ර ගාස්තු සියයට 27කින් ඉහළ දැමීමට සිවිල් ගුවන් සේවා අධිකාරිය ඊයේ (11දා* සිට පියවර ගෙන ඇත.

මෙරට විනිමය අනුපාතිකය ඉහළ යෑමත් සමග ඇතිවී තිබෙන අර්බුදය නිසා මෙම තීරණය ගැනීමට සිදුවූ බව එම අධිකාරියේ සභාපති උපුල් ධර්මදාස මහතා සඳහන් කළේය.

ඩොලරය සඳහා විනිමය අනුපාතිකය මේ වන විට රුපියල් 203 සිට රුපියල් 260 දක්වා ඉහළ ගොස් ඇති බවද ඔහු සඳහන් කර සිටියේය.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment