ගුවන් තොටුපළෙන් මන්කි ෆොක්ස් රටට පැමිණීමේ අවදානමක් – වෛද්‍ය නවීන් ද සොයිසා

107

මන්කි ෆොක්ස් රෝගය ලොව රටවල් රැසක මේ වන විටත් ව්‍යාප්ත වෙනමින් පවතින බැවින් ගුවන්තොටුපළ හරහා රෝගය මෙරටට පැමිණීමේ අවදානමක් පවතින බව ශ්‍රී ලංකා ප්‍රජා වෛද්‍යවරුන්ගේ සංගමයේ ජ්‍යෙෂ්ඨ ලේඛකාධිකාරී වෛද්‍ය නවීන් ද සොයිසා මහතා “දිවයින”ට ඊයේ (08 දා) පැවසීය.

මෙම තත්ත්වයට මුහුණ දීමට විදේශවල සිට පැමිණෙන පුද්ගලයන් ගුවන්තොටුපළේදී දැනුවත් කිරීමටත්, රෝග ලක්ෂණ ඇත්නම් ගුවන්තොටුපළ වෛද්‍ය ඒකකය වෙත යොමු කිරීමටත් පියවර ගත යුතු බව ද හෙතෙම සඳහන් කළේය.

මෙරට ගුවන්තොටුපළ පරිශ්‍රයේ මේ සඳහා වෛද්‍ය පරීක්‍ෂණ පද්ධති පිහිටුවා ඇති බැවින් විදේශගතව සිට පැමිණෙන පුද්ගලයන් තමනට උණ, හිසරදය, වසා ගැටිති ඉදිමීම, සමේ ලප බිබිලි හෝ තුවාලවල ශ්‍රාවයන් ඇත්නම් එම රෝග ලක්‍ෂණ මන්කි ෆොක්ස් විය හැකි නිසා වහාම ගුවන්තොටුපළ වෛද්‍ය ඒකකයට යොමු විය යුතුය.
ද වෛද්‍ය නවීන් ද සොයිසා මහතා කියා සිටියේය.

මන්කි ෆොක්ස් හෙවත් වඳුරු උණ සඳහා ලබා දියහැකි එන්නත් පිළිබඳව ලෝක සෞඛ්‍ය සංවිධානය ඇතුළු සෞඛ්‍ය අංශ යම් කතිකාවකට පැමිණ ඇතත් එම එන්නත්වල සාර්ථකත්වය පිළිබඳ මේ දක්වා සියයට සියයක්ම තහවුරු කර නැතැයි ද හෙතෙම පැවසීය.

සුජීව තත්සර

advertistmentadvertistment
advertistmentadvertistment