ගුවන් තොටුපළ පිසිආර් රසායනාගාරයේ දෝෂ

255

කටුනායක ගුවන් තොටුපළෙන් මෙරටට පැමිණෙන අයවලුන් පැය 03 කටත් අඩු කාලයක දී ප‍්‍රතිපල ලබාදීම සදහා පෙරේදා (25) සවස 6.30 සිට කටුනායක 18 කණුවේ ආරම්භ කල පිසිආර් රසායනාගාරයේ කටයුතු ඊයේ 26 දින දින සිට දෝෂ සහිත තත්ත්වයක් ඇතිවී ඇත.

අද උදැසන එහිගිය අපට රසායනාගාරය වසා තිබෙන අයුරු දක්නට ලැබුණු අතර එහි ආරක්ෂක නිලධාරීන් කිහිපදෙනෙකු පමණක් රැුදී සිටින අයුරු දක්නට ලැබුණි.
ඇමෙරිකානු ඩොලර් මිලියන 05 ක ආයෝජනයක් වන මෙම පිසිආර් පරීක්ෂණාගාරය කැබිනට් මණ්ඩලේ අනුමැතිය ඇතිව ගුවන්තොටුපළ හා ගුවන් සේවා සමාගමේ හා ඔක්සිනෝම් ආයතනයේ ඒකාබද්ධ ව්‍යාපෘතියක් යටතේ ඉදි කෙරිණ. මෙම පිසිආර් පරික්ෂණාගාරයේ ඉදි කිරිම් ආරම්භ කෙරුණේ පසුගිය ජුලි 23වනදායි.

පැයකට පිසිආර් පරික්ෂණ 500 ක් හා දවසකට පිසිආර් පරික්ෂණ 7000 ක් සිදු කළ හැකි මෙම පරික්ෂාණගාරය පසුගිය 23 වන දා සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල හා සංචාරක ඇමති ප‍්‍රසන්න රණතුංග මහත්වරුන්ගේ ප‍්‍රධානත්වයෙන් වීවෘත කෙරිණ.

25සවස 06.30 ට මෙරටට පැමිණි ඩුබායි ගුවන් යානයේ මගීන්ට පිසිආර් පරික්ෂණ සිදුකරමින් මෙම පරික්ෂනාගාරයේ කටයුතු ආරම්භ කෙරුණි.

මෙම රසායනාගාරය පිහිටුවීම නිසා සංචාරක ව්‍යාපාරයේ වර්ධනයට පිටුවහලක් ලැබුණු අතර විදෙස් රටවල සිට පැමිණෙන ශ‍්‍රී ලාංකිකයන්ට හෝටල් නිරෝධයකින් තොරව නිවෙස්වලට යාමට ද අවස්ථාව හිමිවිය.

advertistmentadvertistment
advertistmentadvertistment