ගුවන් නියමුවන්ගේ අකුරට වැඩ නිසා විනාඩි 10 ට ලක්ෂ 10 ක පාඩුවක්

296

ශී‍්‍ර ලංකන් එයාර් ගුවන් නියමුවන් සති දෙකක සිට ආරම්භ කර තිබෙන අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති කි‍්‍රයාමාර්ගයක් නිසා ඊයේ (17දා) පෙරවරුවේ විනාඩි දහයක් තුළ රුපියල් ලක්‍ෂ දහයක පාඩුවක් සිදුවූ බව ගුවන් සමාගම කියා සිටී.

පාකිස්තානයේ කරච්චි බලා ඊයේ (17 දා) පෙරවරු 9.00ට ගුවන්ගත කෙරුණු ඹඛ -183 දරන ගුවන් යානයෙන් එරටට යැවීමට නියමිතව තිබූ බුලත්කොළ කිලෝ ග‍්‍රෑම් 3025ක් අඩංගු පැලට් එක රැගෙන යෑම ප‍්‍රතික්‍ෂේප කිරීම නිසා මෙම පාඩුව සිදුව තිබේ.

ශී‍්‍ර ලංකන් ගුවන් නියමු සංගමයේ සාමාජිකයන් එකසිය අසූවක් පමණ සිටින අතර ඔවුන්ට ලබාදෙන ආහාර දීමනා සම්බන්ධව මතුවී තිබෙන ගැටලූවක් මුල්කරගෙන ගුවන් නියමුවන් අකුරට වැඩ කිරීමේ වෘත්තීය කි‍්‍රයා මාර්ගයකට යොමුව තිබේ.

ඕනෑම ගුවන් යානයක් විනාඩි පහක් දහයක් ප‍්‍රමාද කිරීමට හැකියාව තිබුණත් මෙම වෘත්තීය කි‍්‍රයාමාර්ගය නිසා විනාඩියක් හෝ පමානෙකර යානා ගුවන්ගත කිරීම හේතුවෙන් මෙම බුලත් තොගය රැගෙන ගොස් නැතැයි ගුවන් සමාගම් ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ‘දිවයින’ට පැවසීය.

බුලත් පැලට් එහෙට මෙහෙට ගෙන යෑමේදී ඒවා ලිහිල්වන බවත් එවන් මොහොතක ගුවන් සමාගමේ සේවකයන් විනාඩි පහක් ඇතුළත අලූතින් ඒවා සකසා ගුවන් යානයට දැමීම කලක සිට කරගෙන ගිය බවත් හෙතෙම කීය. නමුත් මෙම වෘත්තීය කි‍්‍රයාමාර්ගය නිසා ඉකුත් සති දෙකක කාලයේදී සමාගමට විශාල පාඩුවක් සිදුව තිබෙන අතර ඒ පිළිබඳ ගණනය කිරීම් සිදුවන බවත් එම නිලධාරියා තවදුරටත් සඳහන් කළේය.

ශිරාන් රණසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment