ගුවන් භාණ්ඩ ධාරිතාව වැඩිවී ගැටලු නැගලා

811

කොවිඞ් වසංගතයෙන් පසු භාණ්ඩ ආනයන අපනයන කටයුතු ගුවන් යානා මගින් සිදු කිරීම් ඉහළ යෑම නිසා කටුනායක ගුවන් භාණ්ඩ සංකීර්ණයේ ධාරිතාව ඉක්මවා යෑමෙන් එම භාණ්ඩවල ආරක්ෂාව පිළිබඳ ගැටලූ මතුව ඇතැයි වෘත්තීය සංගම් හෙළි කරයි.

ගුවන්තොටුපළ පර්යන්තයේ ඉදිකිරීම් කටයුතු නිසා කාගෝ ගබඩා සංකීර්ණයේ ඉඩකඩ පැවති ප‍්‍රමාණයට වඩා අඩු වී ඇතැයි ද ඒ අතර ආනයන අපනයන කටයුතු ගුවන් මගින් සිදු කිරීම වැඩිවීම නිසා භාණ්ඩ නිෂ්කාශනය කිරීමේදී ගැටලූ ගණනාවක් ඇති වී ඇතැයි ද ශී‍්‍ර ලංකා ගුවන් සමාගමේ නිදහස් සේවක සංගමයේ සභාපති ජනක විජේපතිරත්න මහතා ‘දිවයින ඉරිදා සංග‍්‍රහය’ට සඳහන් කළේය. මේ සිද්ධිය සම්බන්ධයෙන් ගුවන් සේවා සහ අපනයන කලාප සංවර්ධන රාජ්‍ය ඇමැති ඞී. වී. චානක මහතාට දැනුම් දුන් පසු ඒ මහතා ඉකුත් බදාදා (10 වැනිදා) පැමිණ පවතින තත්ත්වය පිළිබඳ සොයා බැලූ බව ද විජේපතිරත්න මහතා පැවසීය.

කොවිඞ් අර්බුදයත් සමග නෞකාවලින් භාණ්ඩ ප‍්‍රවාහනය කිරීමේදී ගාස්තු ඉහළ යෑම හා නෞකාවල යම් අඩුපාඩුවක් නිසා හෝ වෙනත් කාරණයක් නිසා ගුවන් මගින් භාණ්ඩ ආනයනයත්, අපනයනයත් සිදු කිරීම විශාල ලෙස ඉහළ ගොස් ඇතැයි ද ඒ මහතා කීවේය. ඇඟලූම් නිෂ්පාදන මෙන්ම අනෙකුත් භාණ්ඩ නිෂ්කාෂණය කිරීමේදී එක පිට එක ගබඩා කර තිබෙන භාණ්ඩ තොග පෙරළීමේදී ඒවාට හානි සිදුවන බවත් ඒ නිසා නිෂ්කාෂණ කටයුතුවල ප‍්‍රමාදයක් සිදුවන බවත් විජේපතිරත්න මහතා පැවසීය.

ශිරාන් රණසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment