ගුවන් මගීන් සෞඛ්‍ය මධ්‍යස්ථානයට එන්නේ හැම තැනම ඇවිදලා – PHI සංමයේ සභාපති

156

අප‍්‍රිකානු රටවලින් මේ වන විට අතිශය භයානක කොවිඞ් ප‍්‍රභේදයක් හඳුනාගෙන ඇති අතර එය ශී‍්‍ර ලංකාව ඇතුළු වෙනත් රටක නැතැයි කිසිවෙකුටත් කිව නොහැකි බවත් මෙරට ගුවන්තොටේ මේ වන විට පවතින ලිහිල් ස්වභාවය හා මෙරටට පැමිණෙන මගීන් තීරුබදු රහිත සාප්පු සවාරි ආදී සියලූ කටයුතු සිදුකර අවසානයේ බැහැරට යන අවස්ථාවේ පරික්‍ෂාවට ලක් කිරීම ගුවන්තොට රාජකාරිවල නියුතු නිලධාරීන් අවදානමේ හෙළීමක් බවත් සමස්ත ලංකා මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පවසයි.

අප‍්‍රිකානු රටවල් කිහිපයකින් මේ වනවිටත් හඳුනාගෙන ඇති බිහිසුණු නව ප‍්‍රභේදයට මුහුණදීමේ බැ?රුම් කටයුත්ත පිළිබඳව මාධ්‍යයට විශේෂ ප‍්‍රකාශයක් සිදු කරමින් ඒ මහතා එසේ පැවසීය. එහිදී මාධ්‍යවේදීන්ගේ ප‍්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඒ මහතා මෙසේද පැවසීය.

මේ වනවිට රටවල් 7ක සිට පැමිණෙන ගුවන් ගමන් නවතා තිබෙනවා. ඉන් කිසිසේත් කියන්න බැහැ වෙනත් රටවල මේ ප‍්‍රභේදය නැහැ කියලා. ලංකාව ඇතුළටත් මෙම ප‍්‍රභේදය ආවෙ නැහැ කියන්න බැහැ. තත්ත්වය එසේ තිබියදී අපේ ගුවන්තොටුපළේ තත්ත්වය ඉතාම කනගාටුදායකයි. එහි සෞඛ්‍ය පිළිබඳ අවේක්‍ෂණය කළත් එය සිදුකරන්නේ නොසැලකීම් මැද. මේ වනවිටත් මගීන් සෞඛය පරීක්‍ෂණ කටයුතු සිදුකරන ස්ථානයට පැමිණේන්නේ රේගු දෙපාර්තමේන්තුව, ආගමන විගමන දෙපාර්තමේන්තුව ආදී ආයතන කිහිපයක් පසුකරගෙන භාණ්ඩ මිලදීගෙන බොහෝ ස්ථානවලට නිරාවරණය වීමෙන් අනතුරුවයි. ඒ අනුව එතැනට පැමිණෙන තෙක් සිටින නිලධාරීන් සහ සේවකයින් දැඩි අවදානමකට ලක්වෙමින් ඉන්නේ. ඒ වගේම ගුවන්තොටුපොළේ මේ වනවිට ඇති දැඩි ලිහිල් ප‍්‍රතිපත්ති හේතුවෙන් මගීන්ට සෞඛ්‍ය අංශ මගහැර යාමේ අවස්ථා ඇති බවද වාර්තා වෙනවා. ඒ හේතුවෙන් භයානක කොවිඞ් ප‍්‍රභේද ඕනෑම මොහොතක රට ඇතුළට එන්න පුළුවන්.

කුලියාපිටිය උපේන්ද්‍ර සේරසිංහ
 

advertistmentadvertistment
advertistmentadvertistment