ගුවන් යානයට දෙපාරක් බැහැ කිව් හීට්මයර් ලෝක කුසලාන සංචිතයෙන් ඉවතට

963

මෙවර විස්සයි විස්ස ලෝක කුසලානයට ක්‍රීඩා කිරීමේ අවස්ථාව බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ ප්‍රහාරාත්මක පිතිකරු ෂිම්රන් හීට්මයර් හට අහිමිව ගොස් තිබේ.

ඔස්‌ට්‍රේලියාව බලා යෑම සඳහා වෙන්කර තිබූ ගුවන්යානය වෙත නියමිත වේලාවට ළඟාවීමට නොහැකි වීමේ ගැටලුවක් මත ඔහුව සංචිතයෙන් ඉවත් කර ඇත.

පසුගියදා අවසන් වූ කැරිබියන් ප්‍රිමියර් ලීගය හේතුවෙන් ලෝක කුසලානය සඳහා සහභාගි වන කොදෙව් ක්‍රීඩකයන් විවිධ කණ්ඩායම් ලෙස ඔස්ටේ්‍රලියාව බලා පිටත්ව ගොස් තිබෙන අතර හීට්මයර් හට ඔක්තෝබර් පළමුවැනිදාට ගුවන්යානය වෙන් කර තිබී ඇත. පෞද්ගලික හේතුවක් මත ඔහු වෙනත් දිනයක් ඒ සඳහා ඉල්ලා ඇත. ඒ ඉල්ලීම හේතුවෙන් ඔහුට නැවත ඔක්තෝබර් 3 වැනිදා ගුවන්යානයක් වෙන්කර තිබෙන අතර එදින උදෑසනද ඔහු කොදෙව් ක්‍රිකට් අධ්‍යක්ෂ ජිමී ඇඩම්ස් වෙත දන්වා ඇත්තේ ඔහුට නියමිත වේලාවට ගුවන්තොටුපළට ළඟා වීමට නොහැකි බවයි. මෙවැනි ලෝක කුසලාන තරඟාවලියකදී වෙනත් ක්‍රීඩකයකු ඇතුළත් කිරීම හැර වෙනත් විකල්පයක් තමනට නොමැති බව දන්වමින් හීට්මයර් වෙනුවට ෂමාර් බූක්ස් කොදෙව් සංචිතයට එක් කර ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment