ගුවන් යානයේදී හමුවූ මෝහිනී දරුවා දීලා මාරුවෙලා

353

ගුවන් යානයේදී හඳුනාගත් කාන්තාවක කුඩා දරුවකු තමාට බලාගන්න දී පලාගිය බවට පුද්ගලයකු පෙරේදා (26 දා) කළ පැමිණිල්ලක් අනුව කළුතර දකුණ පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.

සන්ගාරම්ගේ එස්. අප්පුහාමි නමැති කළුතර දකුණ, බෝධියවත්ත ප්‍රදේශයේ පදිංචි අය විසින් කරන ලද පැමිණිල්ලක් අනුව මෙසේ පරීක්ෂණ ආරම්භ කර ඇතැයි පොලිසිය කීය.

තමා වසර 11 ක් පමණ සෞදි අරාබියේ සේවය කර මව් රටට එමින් සිටියදී එම ගුවන් යානයේම අවුරුදු 2 ක පිරිමි දරුවකු සමග පැමිණි කතක් හඳුනාගත් බවත්, කටුනායක ගුවන් තොටුපළේදී ඇයටද කළුතර යෑමට අවශ්‍ය බව දැන්වූ බැවින් තමා පැමිණි කුලී රථයෙන්ම ඇය සහ දරුවා නංවාගෙන පැමිණි බවත් පැමිණිලිකරු සඳහන් කර ඇතැයි පොලිසිය කීය. එසේ පැමිණෙන අතරතුර කළුතර නගරයේ දී සිසිල්බීම බෝතලයක් රැගෙන එන බව පවසා දරුවා තමාගේ අතට දී වාහනයෙන් ඇය බැසගිය බවත් බොහෝ වේලාවක් නොපැමිණි බවත් පැමිණිල්ලේ සටහන් කර ඇතැයි පොලිසිය කීය.

කළුතර දකුණ මූලස්ථාන පොලිස් පරීක්ෂක සුනෙත් ශාන්ත මහතාගේ උපදෙස් පරිදි කළුතර දකුණ පොලිස් ස්ථානයේ ළමා හා කාන්තා කාර්යාංශ පොලිස් පරීක්ෂක නුවන්තිගේ ප්‍රධානත්වයෙන් විමර්ශන සිදුකරයි.

ආර්. ඒ. එස්. ප්‍රේමතිලක – බණ්ඩාරගම

advertistmentadvertistment
advertistmentadvertistment