ගුවන් විදුලි හඬ පෞරුෂයන් අගයයි

130

විටෙක ගුවන් විදුලියෙන්ද, තවත් විටෙක මුද්‍රිත මාධ්‍යයෙන්ද ඒ හඬ පෞරුෂය මෙන්ම ඒ නම අපට අසන්නට දකින්න ලැබුණි. එදා සුවහසක් ශ්‍රාවකයින් මෙන්ම පාඨකයින් ද ඔවුන්ට ආදරය කළේය. ඔවුන් නමින් ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදිනියන් මෙන්ම නිවේදිකාවන් වූ සුමනා නෙල්ලම්පිටිය, සුමනා ජයතිලක, දය ද අල්විස්, කරුණා පෙරේරා ය.

ජාත්‍යන්තර මාධ්‍ය සංසදය (ශ්‍රී ලංකා) විසින් පසුගිය 12 වැනිදා සංවිධානය කළ කාන්තා දින සැමරුම් වැඩසටහනක දී ඇගයීමට ලක් කළේය. ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ආනන්ද සමරකෝන් මැදිරියේ පැවැති මෙම උත්සවයේදී ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අතින් ඔවුන්ට සම්මාන ප්‍රදානය කළේය.

ගුවන් විදුලි හඬ පෞරුෂයන් අගයයි

මෙම අවස්ථාවට ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සභාපති හඩ්සන් සමරසිංහ එහි අධ්‍යක්ෂ ජනරාල් මයුරි අබේසිංහ, ජාත්‍යන්තර මාධ්‍ය සංසදයේ (ශ්‍රී ලංකා) සභාපතිනී ප්‍රවීණ මාධ්‍යවේදිනී සුධර්මා කුලතුංග යන මහත්ම මහත්මීහු ද සහභාගි වූහ.

ඡායාරූප- නිශාන් එස්. ප්‍රියන්ත

ප්‍රදීප් සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment