ගුවන් හමුදාපතිට දෙවැනි සේවා දිගුවක්!

352

ජාතික ආරක්ෂාව සේම, ආපදාවක් ජාතියට ඇතිවූ සැණින් සිය ක‍්‍රියාන්විත දියත් කරනා ආරක්ෂක හමුදාවෝ මේ වන විට බරපතළ ලෙස දායක වී සිටින්නේ කොවිඞ් මර්දන කර්තව්‍ය සඳහාය. දිගින් දිගටම සමහර පාර්ශ්ව මෙසේ ලබාදෙන හමුදා දායකත්වයට එරෙහිව කතා කළද යුද හමුදාව ප‍්‍රමුඛ ත‍්‍රිවිධ හමුදාව නොවන්නට, වසංගතයෙන් ජාතිය ගලවා ගැනීම පහසු තත්ත්වයක් නොවන්නට තිබුණු බව ඉඳුරා කිව හැකිය. ඊට අතිරේක වශයෙන් වත්මන් රජය යටතේ හමුදාවන්ට ලැබුණු වැදගත්ම කර්තව්‍ය වූයේ, විනාශ වී ගිය බුද්ධි අංශ නැවත නගාසිටුවීමය. පාස්කු ප‍්‍රහාරයෙන් එළිදුටු බුද්ධි අංශ අසමර්ථතාවය, තම පාලනයක් යටතේ නැවත නගාසිටුවා, ජාතික ආරක්ෂාව තහවුරු කරන බවට ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මහතා ලබාදුන් පොරොන්දුව මේ වන විට ඉටුවී තිබෙන බව කිව හැකිය.

ව නැගිටීම් ගැන බුද්ධි අංශ විමසිල්ලෙන්

විශේෂයෙන්ම බුද්ධි අංශ අතර ඒකාබද්ධතාවය සහ ලැබෙන බුද්ධි තොරතුරු තෝරා ගනිමින් ඒ සඳහා වන ක‍්‍රියාත්මක තලයක් නිර්මාණය කර ගැනීම, වත්මන් ජනාධිපතිවරයා වෙත තිබූ, ප‍්‍රබලම අභියෝගය විය. එම අභියෝගය සාර්ථක ලෙස වත්මන් රජය ජයගෙන ඇතත්, යටි වියමනේ තිබෙන එම සාර්ථකත්වය ජනතා ඇසට නොපෙනෙන්නෙත් නැති එම ජයග‍්‍රහණය මේ වන විට තවත් තීව‍්‍ර කරමින් පසුගිය කාලය පුරාම ජාත්‍යන්තර බුද්ධි ජාලා සමග තොරතුරු හුවමාරු කර ගනිමින්, ශ‍්‍රී ලංකා බුද්ධි අංශ මේ වන විට සිය සුපුරුදු රිද්මයට ළ`ගා වෙමින් පවතින බව කිව හැකිය. විශේෂයෙන්ම කලාපීය වශයෙන් සිදුවූ දේශපාලන බල පෙරළියක් වන තලෙයිබාන් සංවිධානය විසින් ඇෆ්ගනිස්ථානයේ බලය අත්කර ගැනීම ශ‍්‍රී ලංකාවේ, ඉස්ලාම් ත‍්‍රස්තවාදයට අනුබලයක් වේද යන්න මේ දිනවල ශ‍්‍රී ලංකා බුද්ධි අංශ සතුව ඇති වැදගත්ම රාජකාරිය වී තිබේ. පසුගිය සිකුරාදා නවසීලන්තයේ වෙළඳ සැලක් තුළ, ශ‍්‍රී ලාංකික මුස්ලිම් ජාතිකයෙකු වන තිස් දෙහැවිරිදි, අහමඞ් අදිල් මොහොමඞ් සම්සුදීන් පිළිබඳ පසුබිම සොයා බැලීම සඳහා නවසීලන්ත රජය සමග සහයෝගයෙන් කටයුතු කිරීමට ශ‍්‍රී ලංකා බුද්ධි අංශ යුහුසුළුව ඉදිරිපත් විය. කාත්තන්කුඩි ප‍්‍රදේශයේ සිට ඔහු නවසීලන්තය බලා

ගොස් තිබුණේ 2011 වසරේදීය. ශිෂ්‍ය වීසා මත නවසීලන්තයේ පදිංචිව සිටි ඔහු, සිය සමාජ මාධ්‍ය ජාලා ගිණුම් මගින් දිගින් දිගටම අන්තවාදී මතවාද ප‍්‍රචාරය කර තිබුණි. ඉස්ලාමීය රාජ්‍යයට සම්බන්ධ වීම සඳහා සිරියාව බලා යන බවට බලධාරීන් සැක කළ බැවින් 2017 දී ඕක්ලන්ඞ් ගුවන් තොටුපලේදී ඔහුව අත්අඩංගුවට ගෙන තිබුණි.

දඩයම් කිරීමේ පිහියක් සන්තකයේ තබාගැනීම සහ අන්තවාදී මතවාද සහිත ලේඛන භාවිතය හේතුවෙන් අදිල් මොහොමඞ් සම්සුදීන් වසර තුනක් සිරගතව සිටි නමුත්, නවසීලන්තයේ ත‍්‍රස්තවාදය සම්බන්ධ නීතිරීති හි දුර්වලතාවය මත මේ වසරේ ජූලි මාසයේදී ඔහුට නිදහස හිමිව තිබුණි. පැය විසි හතර පුරා, දින හතේම, පොලිස් නිලධාරීන් 30 දෙනෙකු දක්වා අධීක්ෂණය යටතේ ඔහු නිරීක්ෂණය කරන ලද නමුදු, ලද ඇසිල්ලෙන් ඔහු සිය ත‍්‍රස්තවාදය මුදා හැරියේය. මෙම උදාහරණය මෙවැනි මොහොතක ශ‍්‍රී ලංකා බුද්ධි අංශ විෂයෙහි, විශේෂ වැදගත්කමක් දරනු ඇත. පසුගිය කාලය පුරාම ජනාධිපතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් මෙවැනි බුද්ධි තොරතුරු ගණනාවක් ආරක්ෂක මණ්ඩලයේදී අනාවරණය වී තිබුණි. ඒ හේතුවෙන් ශ‍්‍රී ලංකාව තුළ මෙවැනි ත‍්‍රස්ත ක‍්‍රියාවන් සඳහා ඇති අවකාශය අහුරා තිබුණු මුත්, ත‍්‍රස්තවාදියා එපමණකින් සිය ගමන නවතන්නේ නැති බව නවසීලන්ත උදාහරණය සාක්ෂි දරයි. කොවිඞ් වසංගතය සේම, ඉස්ලාමීය අන්තවාදී වසංගතය ද මේ වන විට ශ‍්‍රී ලංකා ආරක්ෂක අංශ දමනය කරගෙන සිටින අතරේ, යුද හමුදාවේ ප‍්‍රධාන වෙනස් කම් ගණනාවක් පසුගිය සතියේ සිදුවිය.

ගුවන් හමුදාපතිට දෙවැනි සේවා දිගුවක්!

මාදොල යයි – කොටුවේගෙදර එයි

යුද හමුදාවේ තෙවැනි තනතුර වන නියෝජ්‍ය මාණ්ඩලික ප‍්‍රධානි ධුරය දරන ලද මේජර් ජෙනරාල් වසන්ත මාදොල, 1986 ජනවාරි මස 16 වන දින ශ‍්‍රී ලංකා යුද්ධ හමුදාවට කෙඩෙට් නිලධාරියෙකු ලෙස එක්වී, 1986 සැප්තැම්බර් මස 20 වන දින අධිකාරියට පත්ව ශ‍්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බළකායට අනුයුක්ත කෙරිණි. ඔහුගේ තිස් පස් වසරකට අධික සේවා කාලය තුළ, ශ‍්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බළකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ විධායක නිලධාරී, උතුරු ඉදිරි නඩත්තු පෙදෙසේ මාණ්ඩලික නිලධාරී ෂ, ගිරිතලේ පිහිටි යුද්ධ හමුදා පොලිස් හේවා බළකා පුහුණු පාසලේ සේනාවිධායක, 1 වන ශ‍්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බළකායේ අණදෙන නිලධාරී, 23 වන සේනාංකයේ කර්නල් (පාලන හා භට කාර්ය සම්පාදන) සහ සපුගස්කන්ද ආරක්සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ බි‍්‍රගේඩියර් (පාලන හා භට කාර්ය සම්පාදන) ඇතුළු අණදීම්, උපදේශක සහ මාණ්ඩලික තනතුරු රැුසක් හොබවා ඇත. මේජර් ජෙනරාල් මාදොලගේ විශ‍්‍රාම යෑමෙන් හිස්වූ නියෝජ්‍ය මාණ්ඩලික ප‍්‍රධානි ධුරය සඳහා, ස්වෙච්ඡුා බල සේනාවේ බලසේනාධිපති, ශ‍්‍රී ලංකා කාලතුවක්කු බලකායේ මේජර් ජෙනරාල් සම්පත් කොටුවේගෙදර, පත් කිරීමට යුද හමුදාපතිවරයා කටයුතු කර තිබුණි. මේජර් ජෙනරාල් කොටුවේගෙදර නික්ම යෑමෙන් හිස්වූ ස්වෙච්ඡුා බල සේනාධිපති තනතුර සඳහා මේජර් ජෙනරාල් සේන වඩුගේ යුද හමුදාපතිවරයා පත් කර තිබුණි.

ගුවන් හමුදාපතිට දෙවැනි සේවා දිගුවක්!

ආඥාපති ඉදිරි නඩත්තු පෙදෙස – මුලතිව් සහ ඉංජිනේරු සේවා බළකායේ කර්නල් සේනා විධායක මේජර් ජෙනරල් රත්නසිරි ගනේගොඩගේ විශ‍්‍රාම යෑම නුදුරේදී සනිටුහන් වීමට නියමිතය. වසර 34 ක යුද්ධ හමුදා සේවා කාලය තුළ ඉංජිනේරු සේවා බළකාය වෙනුවෙන් විශාල සේවයක් ඉටුකරන ලද මේජර් ජෙනරාල් ගනේගොඩ 1987 ජූලි මස 21 දින ශ‍්‍රී ලංකා යුද්ධ හමුදාවට බැඳී පසුගිය 10 දින යුද්ධ හමුදා සේවයෙන් විශ‍්‍රාම ලබා ගත්තේය.

ශිරන්ත මේජර් ජෙනරාල් ධුරයට

නැගෙනහිර ආරක්සේනා මූලස්ථානයේ බි‍්‍රගේඩියර් පාලන හා භට කාර්ය සම්පාදන තනතුර හොබවනු ලබන ශ‍්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බළකායේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වන බි‍්‍රගේඩියර් ශිරන්ත දිසානායක,

පසුගියදා යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා විසින් මේජර් ජෙනරාල් නිලය සඳහා උසස් කරන ලදී. ජ්‍යෙෂ්ඨත්වය පමණක් නොව දක්ෂතාවය ද යුද හමුදාවේ උසස්වීම් සඳහා අත්‍යවශ්‍ය බව මේජර් ජෙනරාල් ශිරන්ත දිසානායක වෙත පදක්කම් පළඳවන අවස්ථාවේදී යුද හමුදාපතිවරයා සඳහන් කර තිබුණි. 52 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් හරේන්ද්‍ර පීරිස් විදේශ පාඨමාලාවක් සඳහා පිටත්ව යාම හේතුවෙන් පුරප්පාඩු වූ එම තනතුර සඳහා බි‍්‍රගේඩියර් චන්දන වික‍්‍රමසිංහ, යුද හමුදාපතිවරයා විසින් පසුගියදා පත් කරන ලදී. 52 වන සේනාංකයේ සේනාංකාධිපති ලෙස පත්වීමට පෙර බි‍්‍රගේඩියර් වික‍්‍රමසිංහ, යුද්ධ හමුදා මූලස්ථානයේ සහකාර යුද සේවා ලේකම් ලෙස කටයුතු කළ අතර ඔහු මීට පෙර යුද හමුදා මාධ්‍ය ප‍්‍රකාශක ලෙස ද කටයුතු කළේය.

බි‍්‍රගේඩියර් උදයසේන සමුගනියි

කොවිඞ් වසංගතය හමුවේ රට වෙනුවෙන් නිමා කළ නොහැකි කර්තව්‍යක් ඉටු කරමින් සිටින ශ‍්‍රී ලංකා යුද හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු කොවිඞ් වැළඳීමෙන් පසුගිය සතියේදී ජාතියට සමුදුන්නේය. ආදි ආනන්දියකු වන බි‍්‍රගේඩියර් සුදත් උදයසේන කොවිඞ් වෛරසය මෙන්ම ඩෙංගු රෝගය ද වැළඳීමෙන් මෙසේ අභාවප‍්‍රාප්ත විය.

සිංහ රෙජිමේන්තුවේ නිලධාරියෙකු ලෙස සේවය කර විශ‍්‍රාම ලැබූ මේජර් ජෙනරාල් සනත් කුමාර වාමදේව පානබොක්ක මහතා පසුගිය හතර වෙනිදා අභාවප‍්‍රාප්ත විය. ඔහුගේ දේහය යුද හමුදා උත්තමාචාර මධ්‍යයේ පසුගිය සඳුදා බොරැුල්ල පොදු සුසාන භූමියේදී සිදු කරන ලදී.

කොවිඞ් රෝගීන් සඳහා අවශ්‍ය ඔක්සිජන් ලබා ගැනීම සඳහා ශ‍්‍රී ලංකා නාවික හමුදාවේ ශක්ති නෞකාව පසුගිය 17 වෙනිදා උදෑසන ත‍්‍රිකුණාමලයේ සිට චෙන්නායි වරාය වෙත ළ`ගා විය. ඉන්දියාවේ සිට මෙරටට ඔක්සිජන් ප‍්‍රවාහනය කිරීමේදී වරාය තුළ සිදුවිය හැකි ප‍්‍රමාදයන් වැළැක්වීමේ අපේක්ෂාවෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා, නාවික හමුදාපතිවරයා වෙත ලබා දුන් උපදෙස් පරිදි මෙම නෞකාව දියත් කර තිබුණි. එදිනම ශ‍්‍රී ලංකා නාවික හමුදාවට තවත් ඔක්සිජන් සැපයුමක් ලබාදෙමින් නාවික හමුදා මාණ්ඩලික ප‍්‍රධානි ලෙස රියර් අද්මිරාල් වයි. එන්. ජයරත්න පත්වීම සිදුවිය. මාණ්ඩලික ප‍්‍රධානි විශ‍්‍රාම යෑමෙන් පසුව, නාවික හමුදාවේ වැඩ බලන මාණ්ඩලික ප‍්‍රධානි ලෙස රියර් අද්මිරාල් ජයරත්න කටයුතු කරන ලද්දේ, ඔහු මාණ්ඩලික ප‍්‍රධානි ලෙස නාවික හමුදාපතිවරයා නම් කර තිබියදීත් ඒ සඳහා ආරක්ෂක අමාත්‍යංශය දක්වන ලද ප‍්‍රමාදය හේතුවෙනි. එසේ වෙද්දී අවසානයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය තීන්දුව ලබා දෙන ලද්දේ, රියර් අද්මිරාල් ජයරත්න නාවික හමුදා මාණ්ඩලික ප‍්‍රධානි ලෙස නම් කරමිනි. නාවික හමුදාපතිවරයා මෙන්ම කොළඹ රාජකීය විද්‍යාලයෙන් අධ්‍යාපනය ලද රියර් අද්මිරාල් ජයරත්න, ලබන ජුනි 21 වෙනිදා දක්වා නාවික හමුදාවේ සේවය කිරීම සඳහා සුදුසුකම් සපුරා තිබේ. 2022 ජුනි 21 වැනිදාට ඔහුට පනස් පස් වසර පිරේ.

නාවික හමුදාවට අලූත් තෙවැන්නෙක්

රියර් අද්මිරාල් ජයරත්න මාණ්ඩලික ප‍්‍රධානි ධුරය සඳහා පත්වීමෙන් හිස්වූ නියෝජ්‍ය මාණ්ඩලික ප‍්‍රධානි තනතුර සඳහා බටහිර නාවික විධානයේ ආඥාපති සහ ස්වෙච්ඡුා නාවික හමුදාවේ ආඥාපති රියර් අද්මිරාල් උපුල් ද සිල්වා සැප්තැම්බර් මස 07 දින, නාවික හමුදාපතිවරයාගේ නිර්දේශය මත ජනාධිපතිවරයා විසින් පත් කරන ලදී. වසර 35 කට අධික නාවික හමුදා සේවය නිමා කරමින් රියර් අද්මිරාල් මාකස් පෙරේරා පසුගිය 07වෙනිදා නාවික හමුදා සේවයෙන් විශ‍්‍රාම ගියේය.

1986 වර්ෂයේදී නාවික හමුදා සේවයට එක්වූ රියර් අද්මිරාල් මාකස් පෙරේරා සිය සේවා කාලය තුළ, කපිතාන් සැපයුම් හා සේවා උතුර, නියෝජ්‍ය අධ්‍යක්නාවික (වැටුප්), නියෝජ්‍ය අධ්‍යක්නාවික (වැටුප් හා විශ‍්‍රාම වැටුප්*, කපිතාන් සැපයුම් හා සේවා බටහිර සහ වයඹ, ඒකාබද්ධ සැපයුම් හා සේවා කළමනාකරණ පද්ධතියේ අධ්‍යක්, අධ්‍යක්නාවික විදේශීය මිලදී ගැනීම්, අධ්‍යක්නාවික සැපයුම්, සිවිල් ආරක්බළකායේ අධ්‍යක්සැපයුම් හා සේවා සහ අධ්‍යක්ජෙනරාල් සැපයුම් හා සේවා ආදී ප‍්‍රමුඛ නිලතල දරමින් කටයුතු කළ කීර්තිමත් ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකි.

ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ ද පසුගිය කාලය පුරා කොවිඞ් ආසාදිතව ප‍්‍රතිකාර ලබමින් සිටියේය. ඔහු සුවය ලැබීමෙන් පසුව සිය දෙවැනි සේවා දීර්ඝය සඳහා ආරක්ෂක අමාත්‍යාංශය වෙත ඉල්ලීමක් කර තිබුණි. මෙම ඉල්ලීම සඳහා සුබදායි ප‍්‍රතිචාරයක් ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න වෙතින් ලැබී තිබුණි. ගුවන් හමුදාපතිවරයා වෙත පළමු සේවා දිගුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ලබා දෙන්නේ, පසුගිය වසරේ දෙසැම්බර් මාසයේදීය. 1965 වසරේ දෙසැම්බර් මස 30 උපත ලද ගුවන් හමුදාපතිවරයාගේ සේවා කාලය, මෙම වසරේ දෙසැම්බර් මස අවසන් වීමට නියමිත හෙයින් මෙසේ ඔහු විසින් සේවා දීර්ඝයක් ඉල්ලා තිබේ.

මනෝජ් අබයදීර

advertistmentadvertistment
advertistmentadvertistment