ගුවන් හමුදාවෙන් කාබනික පොහොර

358

ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ සෞභාග්‍යයේ දැක්ම ජාතික ප‍්‍රතිපත්තියට අනුව හරිත රටක් වස විසෙන් තොර හෙටක් සංකල්පය යථාර්ථයක් බවට පත්කිරීම තුළින් නිරෝගිමත් සෞඛ්‍ය සම්පන්න අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් රසායනික පොහොර භාවිතයෙන් ඉවත්ව කාබනික පොහොර භාවිතය ප‍්‍රචලිත කිරීමේ අරමුණින් ගුවන් හමුදාපතිවරයාගේ උපදෙස් මත කි‍්‍රයාත්මක ගුවන් හමුදා කාබනික පොහොර නිෂ්පාදන ව්‍යාපෘතිය ශී‍්‍ර ලංකා ගුවන් හමුදා වන්නි රෙජිමේන්තු පුහුණු පාසල් පරිශ‍්‍රයේදී ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතාගේ ප‍්‍රධානත්වයෙන් නිල වශයෙන් ආරම්භ කරන ලදී.

ශී‍්‍ර ලංකා ගුවන් හමුදා විධායක කෘෂි ඒකකයේ පූර්ණ අධීක්‍ෂණය යටතේ කි‍්‍රයාවට නංවනු ලබන මෙම ව්‍යාපෘතිය මගින් මූලික අදියරේදී කාබනික පොහොර ටොන් 25 ක පමණ ප‍්‍රමාණයක් නිෂ්පාදනය කිරීමට සැලසුම් කර ඇති අතර ක‍්‍රමානුකූලව එය තවත් වර්ධනය කිරීමට අපේක්‍ෂා කරනු ලබයි. මෙලෙස නිෂ්පාදනය කරනු ලබන කාබනික පොහොර ගුවන් හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන කෘෂි ඒකකයන්හි ප‍්‍රයෝජනය සඳහා යොදා ගැනීමට නියමිත අතර කෘෂිකර්ම අමාත්‍යාංශය හරහා ගොවීන් වෙත ලබාදීමටද නියමිතව ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment