ගුවන් හමුදාව සහ පොලිසිය හෙට රග්බි පළඟ සටනේ

58

ශ්‍රී ලංකා රග්බි සම්මේලනයේ මෙහෙයවීමෙන් දැන් ක්‍රියාත්මක නිපෝන් පේන්ට් ‘පළඟ’ ශුරතා රග්බි තරගාවලියේ අවසන් සටන හෙට (17වැනිදා) පැවැත්වේ.

මෙවර තරගාවලියේ ‘පළඟ’ ශූරයන් තීරණය කරන මහා තරගය ලෙස මෙම තරගය හෙට ගුවන් හමුදාව සහ පොලිසිය අතර පස්වරු 4.00 ට තිඹිරිගස්යාය පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථාන ක්‍රීඩාංගණයේ දී ආරම්භ කෙරේ.

මෙම තරගයෙන් ජය ගන්නා කණ්ඩායමට මෙවර ‘පළඟ’ ශූරතාව හිමි වන අතර තෙවන සහ සිව්වැනි ස්ථානය සඳහා පැවැත්වෙන සටන සෙනසුරාදා (18) පනාගොඩ දී ක්‍රියාත්මක කෙරෙන අතර එහිදී යුද හමුදාවට එරෙහිව කොළඹ සී.එච් ඇන්ඩ් එෆ්.සී ක්‍රීඩා සමාජ තරග වදී.

මෙතෙක් පැවති තරග ආශ්‍රිතව ලකුණු 29 ක් හිමි කර ගනිමින් පෙරමුණ ගැනීමට ගුවන් හමුදාව සමත් වී සිටින අතර ලකුණු 28 ක් සහිතව පොලිසිය දෙවන ස්ථානයේ පසු වෙයි.
අනුරුද්ධ හේරත් බණ්ඩාර

advertistmentadvertistment
advertistmentadvertistment