ගුවන් හමුදා කෝප්‍රල්ගේ ගිනස් වාර්තා මෙහෙයුමට කාලගුණයෙන් බාධා

321

ආසියානු වාර්තාවක් පිහිටු වූ ගුවන් හමුදා කෝප්‍රල් රොෂාන් අබේසුන්දර ප්ලාස්ටික් අපද්‍රව්‍යය කිලෝ ග්‍රෑම් 100 ක ප්‍රමාණයක් රැගෙන කිලෝ මීටර් 10 ක් අද (08 වැනිදා) ගල්කිස්ස ප්‍රදේශයේ මුහුදු තීරයේ පිහිනා ගිනස් වාර්තාවක් තැබීමට ගත් මෙහෙයුමට අයහපත් කාලගුණයෙන් බාධා එල්ල වී තිබේ.

දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හා මුහුදේ පවතින රළු ස්වභාවය ද සැලකිල්ලට ගනිමින් මෙම ක්‍රියාව තාවකාලිකව අත්හිටුවීමට කටයුතු කරන ලෙස අදාළ අංශ මගින් ශ්‍රී ලංකා ගුවන් හමුදාව දැනුවත් කර ඇත. ලෝක සාගර දිනය යෙදෙන අද (08 දා) ප්ලාස්ටික්වලින් තොර සාගරයක් උදෙසා ලෝක ප්‍රජාවගේ අවධානය යොමු කරවීමේ අරමුණින් ඔහු මෙම කාර්යයේ නිරත වීමට අපේක්ෂාවෙන් සිටියේ ය.

advertistmentadvertistment
advertistmentadvertistment