ගුවන් හමුදා පාපැදි සවාරියේදී යුද හමුදාව බලය අල්ලයි – ශූරයා – මැඩොන්සා – ශූරිය – ශාලිකා දිල්හානි

241

ශී‍්‍ර ලංකා ගුවන් හමුදා 71 වන සංවත්සරයට සමගාමීව කි‍්‍රයාත්මක කෙරුණු 23 වැනි ගුවන් හමුදා පාපැදි සවාරියේ සමස්ත පිරිමි ශුරතාව හිමි කර ගැනීමට ශ‍්‍රී ලංකා යුද හමුදා කණ්ඩායමේ අවිශ්ක මැඩොන්සා සමත්වූ අතර කාන්තා ඉසව්වේ ශූරතාව හිමිකර ගැනීමට ශී‍්‍ර ලංකා යුද හමුදාවේ ශාලිකා දිල්හානි සමත් වූවාය.

ගුවන් හමුදා පාපැදි සවාරියේදී යුද හමුදාව බලය අල්ලයි - ශූරයා - මැඩොන්සා - ශූරිය - ශාලිකා දිල්හානි

ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතාගේ උපදෙස් මත ශී‍්‍ර ලංකා ගුවන් හමුදාව හා ශී‍්‍ර ලංකා පාපැදි සම්මේලනය සමග එක්ව අඛණ්ඩව 23 වැනි වරටත් සංවිධානය කරනු ලැබු ගුවන් හමුදා පාපැදි සවාරියේ පළමු අදියර තරගකරුවන් 215 දෙනෙකුගේ සහභාගිත්වයෙන් පසුගිය 04 වන දින ආරම්භ කෙරුණි. තරුණ කටයුතු හා ක‍්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ ආරම්භක සංඥාවෙන් කොළඹ ගුවන් හමුදා මූලස්ථානය අසලින් පිරිමි ඉසව්වේ පළමු අදියර ආරම්භ විය.

ගුවන් හමුදා පාපැදි සවාරියේදී යුද හමුදාව බලය අල්ලයි - ශූරයා - මැඩොන්සා - ශූරිය - ශාලිකා දිල්හානි

කොළඹ සිට පුත්තලම දක්වා පළමු අදියර ලෙස කි.මී.138ක දුර පාපැදි තරගකරුවන් ධාවනය කළ අතර එහිදි පළමු අදියරේ ප‍්‍රථම ස්ථානය යුද හමුදා කණ්ඩායමේ සඳරුවන් පින්ටෝ දිනාගත් අතර, දෙවන ස්ථානය ෆන් බී රේසිං ක‍්‍රිඩා සමාජයේ සඳුන් කුමාර අත් කරගන්නා ලදී. තරගයේ තුන්වන ස්ථානය ගුවන් හමුදා කණ්ඩායමේ අශේන් තාරුක හට හිමි විය.

 ගුවන් හමුදා පාපැදි තරගයේ දෙවන අදියර පසුගිය 05 වන දින පුත්තලමේ සිට දඹුල්ල දක්වා කි.මී.140ක දුරක් තරගකරුවන් ධාවනයේ යෙදුණු අතර එහිදී දෙවන අදියරේ ප‍්‍රථම ස්ථානය යුද හමුදා කණ්ඩායමේ අවිශ්ක මැඩොන්සා දිනාගත්තේය. එහි දෙවන ස්ථානය වරාය අධිකාරි ක‍්‍රීඩා සමාජයේ චමෝද ද සිල්වා හිමි කර ගනිද්දී තුන්වන ස්ථානය නාවික හමුදා කණ්ඩායමේ ප‍්‍රභාශ් මධුසංක හට හිමි විය.

 පාපැදි සවාරියේ තෙවැනි අදියර

 පසුගිය 06 වැනි දින දඹුල්ල සිට කටුනායක දක්වා කි.මී.150ක දුරක් තරගකරුවන් ධාවනය කළ අතර එහිදී ප‍්‍රථම ස්ථානය ශී‍්‍ර ලංකා වරාය අධිකාරි ක‍්‍රීඩා සමාජයේ චමෝද ද සිල්වා දිනාගත්තේය. දෙවන ස්ථානය ෆන් බී රේසිං ක‍්‍රීඩා සමාජයේ සඳුන් කුමාර දිනා ගන්නා ලදී. තරගයේ තුන්වන ස්ථානය ගුවන් හමුදාවේ සන්ජු දීමන්ත හට හිමිවිය.

 පුරා දින තුනක් පැවැති පිරිමි පාපැදි තරගයේ සමස්ත අනුශූරතාව ෆන් බී රේසිං ක‍්‍රීඩා සමාජයේ සඳුන් කුමාර හිමිකරගන්නා ලදි. වරාය අධිකාරි ක‍්‍රීඩා සමාජයේ චමෝද ද සිල්වා එහි තෙවැනි ස්ථානය හිමිකර ගත්තේය. මේ අතර කාන්තා පාපැදි තරගයේ අනුශූරතාවය ශී‍්‍ර ලංකා නාවික හමුදාවේ ඈන් ශෙනාලි හිමිකරගත්තාය. ශී‍්‍ර ලංකා යුද්ධ හමුදාවේ මධුමාලි ප‍්‍රනාන්දු තෙවැනි ස්ථානය දිනා ගත්තාය.

advertistmentadvertistment
advertistmentadvertistment