ගුවන් හමුදා පාපැදි සවාරියේ පළමු අදියරේ ජය යුද හමුදාවට

148

ගුවන් හමුදා පාපැදි සවාරියේ පළමු දිනය වූ ඊයේ (04 වැනිදා) කොළඹ සිට පුත්තලම දක්වා වූ පළමු අදියරයේ ජයග‍්‍රහණය යුද හමුදා කණ්ඩායමේ සඳරුවන් පින්ටෝට හිමි විය.

දෙවැනි ස්ථානය ෆන් බී. රේසිං ක‍්‍රීඩා සමාජයේ සඳුන් කුමාරත්, තෙවැනි ස්ථානය ගුවන් හමුදා කණ්ඩායමේ අශේන් තාරුකත් දිනා ගත් අතර කිලෝමීටර් 138 ක් ඊයේ ධාවනයට ඇතුළත් විය.

ගුවන් හමුදා පාපැදි සවාරියේ පළමු අදියරේ ජය යුද  හමුදාවට

ගුවන් හමුදා පාපැදි සවාරියේ වැඩිම තරගකරුවන් ලෙස තරගකරුවන් 215 ක සහභාගිත්වයෙන් පැවති තරගයේ ආරම්භය ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතාගේ ආරාධනයෙන් පැමිණි ක‍්‍රීඩා හා තරුණ කටයුතු ඇමැති නාමල් රාජපක්‍ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්විණි.

කොළඹ ගුවන් හමුදා මූලස්ථානය අසලින් ඊයේ තරගය ආරම්භ වූ අතර අද පුත්තලමේ සිට දඹුල්ල දක්වා කිලෝමීටර් 140 ක් දුර දෙවැනි අදියර පැවැත්වීමට නියමිතය.

advertistmentadvertistment
advertistmentadvertistment