ගුවන් හමුදා සහතිකපත් ප්‍රදානෝත්සවයේදී ජනපති බයිඩන් බිම ඇද වැටෙයි

95

ඇමෙරිකාවේ කොලරාඩෝහි ගුවන් ඇකඩමියේ සහතිකපත් බෙදා දෙන අවස්ථාවේ ජනපති ජෝ බයිඩන් බිම ඇද වැටී ඇත. එම අවස්ථාවේ ඔහුගේ පිහිටට පැමිණියේ අසල සිටි ගුවන් හමුදා නිලධාරියෙකි.

80 හැවිරිදි වියේ පසුවන බයිඩන් පැවසුවේ වැලිකොට්ටයක පය පැටලී තමා බිම වැටුණ බවයි.

ඇමෙරිකානු මාධ්‍ය පැවසුවේ බයිඩන්ගේ ආරක්‍ෂකයන් ස්ථානයට පැමිණීමට පෙර ගුවන් හුමදා නිලධාරියාගේ සහාය බයිඩන්ට ලැබුණු බවයි. ඇද වැටීමෙන් බයිඩන්ට හානියක් සිදුවී නැත. එහෙත් ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් නැතැයි ඇමෙරිකානු මාධ්‍ය පවසයි.

900 කට අධික ගුවන් හමුදා භටයන්ට සහතික පත්‍ර ප්‍රදානය කිරීම සඳහා එම උත්සවය පැවැත් විණි.

කීර්ති වර්ණකුලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment