ගුවනින් ආ පාර්සල්වල මිලියන 20 ක මත්කුඩු

189

කැනඩාව, බි‍්‍රතාන්‍ය, ඇමරිකා එක්සත් ජනපදය, ඔස්ටේ‍්‍රලියාව හා ඉතාලිය යන රටවලින් ගුවන් මගින් මෙරටට එවා තිබූ පාර්සල් තුළ තිබූ කුෂ් නමැති ගංජා මත්ද්‍රව්‍ය ග‍්‍රෑම් 1300ක් සොයා ගැනීමට රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් ඊයේ (25වැනිදා) සමත්වී තිබේ.

රාගම, පිළියන්දල, කොළඹ, නුවර සහ අහංගම යන ලිපිනයන් වෙත එවා තිබූ මෙම පාර්සල්වල රුපියල් මිලියන 20 කට අධික වටිනාකමින් යුතු කුෂ් මත්ද්‍රව්‍ය සොයා ගැනීමට රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් සමත්වූ බව රේගු මාධ්‍ය ප‍්‍රකාශක, නියෝජය රේගු අධ්‍යක්‍ෂ (නීති කටයුතු) සුදත්ත සිල්වා මහතා පැවසීය.

මධ්‍යම තැපැල් හුවමාරු භාණ්ඩ නිෂ්කාශන අංශය වෙත ලැබී තිබූ පාර්සල් දහයක් පිළිබඳ සිදුකළ පරීක්‍ෂණවලදී මෙම කුෂ් මත්ද්‍රව්‍ය හමුවූ බවත් වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මෙම මත්ද්‍රව්‍ය පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත බාරදුන් බවත් ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේය.

ප‍්‍රභාත් විතාන

advertistmentadvertistment
advertistmentadvertistment