ගුවනින් එන ශ‍්‍රී ලාංකිකයන්ට පී. සී. ආර්.ෂෝට් කට්’ එකක්

150

විදේශගතව සිට මෙරටට පැමිණෙන ශ‍්‍රී ලාංකිකයින් කටුනායක ගුවන්තොටුපළ පරිශ‍්‍රයේදී පී. සී. ආර්. පරීක්‍ෂණයකට යොමු කර එම ප‍්‍රතිඵල අනුව පැය කිහිපයක් තුළ ඔවුන් කඩිනමින් නිවෙස් කරා යොමු කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඊයේ (16 දා* පැවැති සාකච්ඡුාවකදී තීරණය කර ඇත.

ඒ අනුව දැනට කටුනායක ගුවන්තොටුපළෙහි ස්ථාපිත කර ඇති රසායනාගාරය තුළදී එම පී. සී. ආර්. පරීක්‍ෂණ කඩිනමින් සිදුකර හෝටල් නිරෝධායනයකින් තොරව ඔවුන් නිවෙස්කරා යැවීමට මෙමගින් අපේක්ෂා කෙරේ.

සෞඛ්‍ය ඇමැති ආචාර්ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ ප‍්‍රධානත්වයෙන් එම අමාත්‍යාංශයේදී මෙම සාකච්ඡුාව පැවැත්විණි. සංචාරක හා ගුවන් සේවා ඇමැති ප‍්‍රසන්න රණතුංග, ගුවන්තොටුපළ සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඞී. වී. චානක යන මහත්වරුන්ගේ සහභාගිත්වයෙන් එම සාකච්ඡාව පැවැත්විණි.

සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව සංචාරක කර්මාන්තය නඟාසිටුවීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට මෙම හමුව පැවැත්විණි.

ඉදිරි සති දෙක තුළදී අදාළ මෙම වැඩපිළිවෙළ ක‍්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන අතර ඒ අනුව ගුවන්තොටුපළ පරිශ‍්‍රයේ ස්ථාපිත කර ඇති රසායනාගාරයේ පහසුකම් ඉහළ නැංවීමට ද පියවර ගැනේ.

එන්නත් දෙකම ලබාගෙන ඇත්නම්, පී. සී. ආර්. පරීක්‍ෂණ පතිඵලවලින් ද ආසාදිතයකු නොවන්නේ නම් ඔවුනට කඩිනමින් නිවෙස්කරා යෑමට හැකි වන අතර මෙමගින් අනවශ්‍ය ලෙස කාලය හා මුදල් වැය වීමක්ද සිදු නොවේ.

මේ අතර පැය තුනක පමණ කාලයක් තුළ එවැනි පරීක්‍ෂණ වාර්තා ලබාදිය හැකි බවත්, ඒ අනුව එම කාලය තුළ පුද්ගලයන් 600ක් පමණ පරීක්‍ෂණයට ලක්කළ හැකි බවත් සෞඛ්‍ය අංශ පෙන්වා දුන්නේය.

චමින්ද සිල්වා, ඒමන්ති මාරඹේ

advertistmentadvertistment
advertistmentadvertistment