ගුවනින් ගෙනා පාපන්දු කී‍්‍රඩක  ඩක්සන් පියුස්ලස්ගේ සිරුර මීගමුව මහ රෝහලට

607

මාලදිවයිනේ පාපන්දු ක‍්‍රීඩා තරගාවලියක් ස`දහා සහභාගී වීමට ගොස් සිටියදී මියගිය ශ‍්‍රී ලංකා පාපන්දු කණ්ඩායමේ යෝගේන්ද්‍රන් ඩක්සන් පියුස්ලස් ක‍්‍රීඩකයාගේ මළසිරුර කටුනායක ගුවන් තොටුපළ ඔස්සේ ශ‍්‍රී ලංකාවට රැුගෙන විත් ඇති අතර මේ වනවිට මෙම දේහය පිළිබඳව පශ්චාත් මරණ පරීක්ෂණය ඊයේ (03දා) මීගමුව මහ රෝහලේදී ආරම්භ කර තිබේ.

31 හැවිරිදි යෝගේන්ද්‍රන් ඩක්සන් පියුස්ලස් මන්නාරම ප‍්‍රදේශයේ පදිංචිකරුවෙකි. ඔහු ශ‍්‍රී ලංකා පාපන්දු කණ්ඩායම සමග මාලදිවයිනේ් ක‍්‍රීඩා තරග සංචාරයක් ස`දහා ගොස් සිටියදී පසුගිය පෙබරවාරි මස 26 වැනිදා හදිසියේම රෝගාතුර වීමෙන් පසුව මරණයට පත් වී තිබේ.

මෙම ක‍්‍රීඩකයාගේ මළසිරුර පෙරේදා (02දා) රාත‍්‍රී 10.30 ට මාලදිවයින සිටි පැමිණි ශ‍්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 104 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන විත් තිබුණි.

මේ වනවිට යෝගේන්ද්‍රන්ගේ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය ස`දහා මීගමුව මහ රෝහල වෙත කටුනායක ගුවන් තොටුපළ පොලිසිය විසින් රැුගෙන විත් ඇති අතර එය නිමා වූ පසුව මෙම මළසිරුර භාර ගැනීම සඳහා ඔහුගේ බිරිඳ ද මීගමුව මහ රෝහල වෙත පැමිණ සිටියාය.

කටුනායක ගුවන් තොටුපළ පොලිසියේ ස්ථානාධිපති, ප‍්‍රධාන පොලිස් පරීක්ෂක ජනක සේනාධීර මහතාගේ උපදෙස් මත එම පොලිසියේ සුළු පැමිණිලි අංශයේ ස්ථානාධිපති, පොලිස් පරීක්ෂක ඇන්ටන් ප‍්‍රනාන්දු මහතාගේ අධීක්ෂණය යටතේ පොලිස් කොස්තාපල් (3713) ලක්මාල් යන මහත්වරු මේ පිළිබඳව වැඩිදුර විමර්ශන සිදු කරති.

කටුනායක – ටී.කේ.ජී. කපිල

advertistmentadvertistment
advertistmentadvertistment