ගුවාතමාලාවේ කන්ටේනරයක සිරවී සිටි සංක‍්‍රමණිකයෝ 126 ක් මුදාගැනෙති

337

මධ්‍යම ඇමෙරිකානු රාජ්‍යයක් වන ගුවාතමාලාවේ නගරයක අත්හැර දමා තිබූ කන්ටේනරයක් තුළ සිරවී සිටි සංක‍්‍රමණිකයන් 126 දෙනකු බේරා ගැනීමට ගුවාතමාලා පොලිසිය පියවර ගෙන තිබේ. ගුවාතමාලාවේ ‘‘නුයෙවා කන්සෙප්සියොන’’ හා ‘‘කොකාලෙස්’’ යන නගර අතර මාර්ගයක කොනක අතහැර දමා තිබූ කන්ටේනරයක් තුළින් කෑගැසීමේ ශබ්දයක් ඇසුණු බවට ප‍්‍රදේශවාසීන් විසින් සිදු කළ පැමිණිල්ලකට අනුව එම කන්ටේනරය පරීක්ෂා කර බැලූ පොලිස් නිලධාරීන් විසින් එහි සිරවී සිටි මෙම සංක‍්‍රමණිකයන් පිරිස මුදාගෙන ඇත.

මෙසේ කන්ටේනරය තුළ සිරවී සිටි සංක‍්‍රමණිකයන්ගෙන් 100කට අධික පිරිසක් හයිටි රාජ්‍යයෙන් පලා ආ අය වන අතර සෙසු පිරිස නේපාල හා ඝානා රාජ්‍යයේ වැසියන්ය. මෙම සංක‍්‍රමණිකයන් පිරිස ගුවාතමාලාව වෙත පැමිණ ඇත්තේ තවත් මධ්‍යම ඇමෙරිකානු රාජ්‍යයක් වන හොන්ඩුරස් රාජ්‍යය හරහා ඇමෙරිකා එක්සත් ජනපදයට යෑමේ අරමුණින් බව අනාවරණය වී තිබේ. මෙම පිරිස කන්ටේනරය තුළින් පිටතට ගැනීමෙන් පසු ඔවුනට ප‍්‍රථමාධාර ලබා දී ඇති නිලධාරීහු ඔවුන්ව එරට සංක‍්‍රමණික මධ්‍යස්ථානය වෙත භාර දී තිබේ. එම පිරිස නැවත හොන්ඩුරස් රාජ්‍යය වෙත භාර දීමට නියමිතය.

advertistmentadvertistment
advertistmentadvertistment