ගෘහස්ථ ගෑස් ප‍්‍රමිතියට නෑ – පාරිභෝගික අධිකාරියේ අධ්‍යක්‍ෂ කියයි

517

මෙරට තුළ භාවිතා කරන ගෘහස්ථ ගෑස් සිලින්ඩර්වල ගෑස්වල ප‍්‍රමිතියක් නැතැයි පාරිභෝගික අධිකාරියේ අධ්‍යක්‍ෂ තුෂාන් ගුණවර්ධන මහතා ‘දිවයින’ ට ඊයේ (25 දා) පැවසීය.

වෙනත් රටවල භාවිතා කරන ගෘහස්ථ ගෑස්වල ප‍්‍රමිතියක් පවතින බවත් මෙරට භාවිතා කරන ගෘහස්ථ ගෑස්වල ප‍්‍රමිතිය ශ‍්‍රී ලංකා ප‍්‍රමිති ආයතනය විසින් නිර්දේශයක් කර ප‍්‍රකාශ කළයුතු නමුත් මෙරට එවැනි ප‍්‍රමිතියක් සකස්කර නැති බවත් ඒ මහතා කීවේය.

එවැනි ප‍්‍රමිතියක් ප‍්‍රකාශයට පත්කර නොමැති නිසා පාරිභෝගික අධිකාරියටද වැටලීම් කිරීමේ හැකියාවක් නැතැයිද හෙතෙම කීය. මෙම ප‍්‍රමිතිය නොමැතිවීම නිසා ගෑස් ටැංකිය නියමිත කාලයට පෙර අවසන් වන බවත් ඒ අනුව වෙනදා පැය භාගයකින් ආහාරයක් පිසගැනීමට වැයවන කාලයට විනාඩි හතළියක් පමණ දැන් ගතවන බවත් හෙතෙම කීය. ගෘහස්ථ ගෑස් සිලින්ඩර්වල බියුටේන් වායුව සියයට අසූවක්ද ප්‍රොපේන් වායුව සියයට විස්සක්ද ලෙස පැවතිය යුතු නමුත් මෙරට භාවිත කරන ගෑස්වල ප්‍රොපේන් වායුව සියයට පනහක් පවතින බවද ඔහු කීය. මෙම ප්‍රොපේන් වායුව වැඩිපුර භාවිතයට ගැනෙන්නේ කර්මාන්ත ක්‍ෂේත‍්‍රයේ අවශ්‍යතා සඳහා බව ද ඒ මහතා වැඩිදුරටත් කීය.

චමින්ද සිල්වා
 

advertistmentadvertistment
advertistmentadvertistment