ගෘහස්ථ ගෑස් වල ප‍්‍රමිතිය ගැන රාජ්‍ය ඇමැතිගෙන් විශේෂ ප‍්‍රකාශයක්

242


දිවයිනේ ප‍්‍රදේශ කිහිපයකින් වාර්තා වූ ගෘහස්ථ ගෑස් සිලින්ඩර පුපුරායෑමට හේතු හදුනා ගැනීමට ගෑස් වල ප‍්‍රමිතිය සම්බන්ධයෙන් මොරටුව විශ්ව විද්‍යාලය මේ වන විට පරීක්ෂණ ආරම්භ කර ඇතැයි අලෙවි සංවර්ධන හා පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය ඇමැති ලසන්ත අලගියවන්න මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසීය.ඒ අනුව ලැබෙන වාර්තා පදනම් කරගෙන ගතයුතු ක්ෂණික ක‍්‍රියා මාර්ග ඉදිරි දින කිහිපයේදී ගන්නා බව ද කීවේය. මේ වන විට මොරටුව විශ්ව විද්‍යාලයට ගෑස් සම්බන්ධව නියැදි දෙකක් ලබාදී තිබෙන බවත් පැවසූ රාජ්‍ය ඇමැතිවරයා එම නියැදි දෙකම පරීක්ෂා කර ලබා දෙන තීන්දුව අනුව ඉදිරි පියවර ගන්නා බවත් කීවේය.දෙවැනි නියදිය සඳහා තොරතුරු කොළඹ,ගම්පහ,කළුතර,රත්නපුරය,ගාල්ල සහ කුරුණෑගල ප‍්‍රදේශ වලින් ලබාගත් බවත් රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

advertistmentadvertistment
advertistmentadvertistment