ගෘහස්ථ ගෑස් සංයුතියේ ප‍්‍රමිතිය තවම නැහැ – සංයුතිය හදන්න සාකච්ඡා කරනවා – ලිට්‍රෝ සමාගම අභියාචනාධිකරණයට කියයි

128

*දිව්රුම් ප‍්‍රකාශ මගින් කරුණු තහවුරු කරන්න – අභියාචනාධිකරණය

ගෘහස්ථ ගෑස් සිලින්ඩර්වල අඩංගු විය යුතු සංයුතිය පිළිබඳව නිශ්චිත ප‍්‍රමිතියක් ශ‍්‍රී ලංකා ප‍්‍රමිති කාර්යාංශය විසින් මේ දක්වා නිකුත් කර නැතැයි ලිට්‍රෝ ගෑස් සමාගම වෙනුවෙන් පෙනී සිිටි ජනාධිපති නීතිඥ හර්ෂ අමරසේකර මහතා ඊයේ (15දා) අභියාචනාධිකරණයට දැනුම් දුන්නේය.

එකී නිශ්චිත සංයුතිය පිළිබඳව සාකච්ඡුාවක් ශ‍්‍රී ලංකා ප‍්‍රමිති කාර්යාංශයේ නිලධාරීන් සමඟ ලබන 20 වැනිදා පැවැත්වීමට නියමිත බවත් එහිදී අධිකරණයට පැවසූ ජනාධිපති නීතිඥවරයා කෙසේ නමුත් තම සමාගම විසින් නැවත වෙළෙඳපොළට නිකුත් කිරීමට පියවර ගෙන ඇත්තේ ප‍්‍රමිති කාර්යාංශය ලබාදී ඇති ප‍්‍රමිතීන්ට අනුකූල ගෘහස්ථ ගෑස් සිලින්ඩර් පමණක් බව ද වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

මේ වනවිටත් වෙළෙඳපොළට නිකුත් කර ඇති ගෘහස්ථ ගෑස් සිලින්ඩර් නැවත රැුස්කිරීමට හා ඒවා වෙනුවට ප‍්‍රමිතියෙන් යුත් ගෑස් සිලින්ඩර් නිකුත් කිරීමට අදාළ පියවර ගැනීමේදී වෙළෙඳපොළේ ගෑස් හිඟයක් ඇතිවිය හැකි බවද ලිට්‍රෝ ගෑස් සමාගම වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරයා අධිකරණයට පෙන්වා දුන්නේය. අනාරක්ෂිත ගෑස් සිලින්ඩර් ආනයනය කර වෙළෙඳපොළට නිකුත් කිරීමට පියවර ගත් සමාගම් බලධාරීන් ඇතුළු පිරිසට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙසට නීතිපතිවරයාට හා පොලිස්පතිවරයාට නියෝගයක් කරන්නැයි ඉල්ලා නාගානන්ද කොඩිතුවක්කු මහතා විසින් ගොනු කර තිබූ රිට් ආඥා පෙත්සම රුවන් ප‍්‍රනාන්දු හා සම්පත් විජේරත්න යන විනිසුරු මඬුල්ල හමුවේදී කැඳවිණි.

ලිට්‍රෝ ගෑස් සමාගම වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරයා පෙන්වා දුන් එම කරුණු සහිත ආරක්ෂිත ගෘහස්ථ ගෑස් සිලින්ඩර් වෙළෙඳපොළට නිකුත් කිරීම ඇතුළු කාර්යයන් ඇතුළත් තොරතුරු සහිත දිවුරුම් ප‍්‍රකාශයක් අද (16දා* අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙසට විනිසුරු මඬුල්ල එහිදී ලිට්‍රෝ ගෑස් සමාගමට නියෝග කළේය.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment