ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක සංයුතිය තීන්දු කරයි

489


ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ නිර්නායකයන්ට අනුකූල ගෘහස්ථ ගෑස් සිලින්ඩර පමණක් ඉදිරියට වෙළඳපොළට මුදාහැරීමට පියවර ගන්නා ලෙස අභියාචනාධිකරණය විසින් ලිට්‍රෝ සහ ලාෆ් ගෑස් සමාගම් දෙකට අද නියෝග කර ඇත.
ගෑස් කාන්දුවීම් හේතුවෙන් ඇති වූ පිපිරීම් සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන ලෙස ඉල්ලා සිවිල් සංවිධාන ක්‍රියාකාරිකයෙකු වන නාගානන්ද කොඩිතුවක්කු මහතා විසින් ඉදිරිපත් කළ පෙත්සමට අදාළව අතුරු නියෝගයක් ප්‍රකාශයට පත් කරමින් රුවන් ප්‍රනාන්දු සහ සම්පත් විජයරත්න යන විනිසුරු මඩුල්ල විසින් ලිට්‍රෝ සහ ලාෆ් ගෑස් සමාගම් වෙත මෙම නියෝග නිකුත් කර ඇත.
ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක අන්තර්ගත විය යුතු ,ප්‍රොපේන්, සංයුතිය සියයට 30 ක් විය යුතු බවට තීන්දු කෙරෙන බව ද රජයේ නීතිඥවරයාමෙහිදී දැනුම් දී තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment