ගෘහස්ථ ගෑස් සිලින්ඩරයේ සංයුතිය දැක්විය හැකිද: ශ්‍රේෂ්ඨාධිකරණය ලිට්‍රෝ තීරණය අද ඉල්ලයි

288

ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක අඩංගු සංයුතිය කුමක්දැයි සිලින්ඩරයේ පිටත ප‍්‍රදර්ශනය කිරීමේ හැකියාව සොයා බලා අද (15 දා) තම අධිකරණයට දැනුම්දීමට පියවර ගන්නා ලෙස ලිට්‍රෝ ගෑස් සමාගමට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (14 දා) නියෝග කළේය.

අනාරක්‍ෂිත ගෘහස්ථ ගෑස් සිලින්ඩර ආනයනය කර බෙදාහැරීමට පියවර ගත් ගෑස් සමාගම් ඇතුළු වගකිවයුත්තන්ට නිසි නීතිමය පියවර ගන්නා ලෙසට නීතිපතිවරයාට හා පොලිස්පතිවරයාට නියෝගයක් කරන්නැයි ඉල්ලා සමාජ ක‍්‍රියාකාරිකයකු වන නාගානන්ද කොඩිතුවක්කු මහතා විසින් ගොනු කර තිබූ පෙත්සම ඊයේ (14 දා) රුවන් ප‍්‍රනාන්දු සහ සම්පත් විජේරත්න යන විනිසුරු ම`ඩුල්ල හමුවේදී කැඳවිණි.

වෙළෙඳපොළට නිකුත් කර ඇති විවෘත නොකළ ගෑස් සිලින්ඩර් නැවත රැුස්කිරීමට හා ගෑස් සිලින්ඩරවල අඩංගු කළ හැකි සංයුතිය කුමක් ද එම සංයුතිය ප‍්‍රදර්ශනය කිරීම සම්බන්ධයෙන් එකගතාවයකට පැමිණිය හැකි දැයි විනිසුරු මඩුල්ල එහිදී වගඋත්තරකාර ලිට්‍රෝ ගෑස් සමාගම වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන්ගෙන් විමසා සිටියහ.

එලෙස එකගතාවයකට පැමිණෙන්නේ නම් පෙත්සම මගින් ඉල්ලා ඇති අතුරු තහනම් නියෝගය නිකුත්කිරීමේ අවශ්‍යතාවක් ඇති නොවන බව ද විනිසුරු මඩුල්ල පෙන්වා දුන්හ.

අභියාචනාධිකරණයේ එම යෝජනාව සම්බන්ධයෙන් මෙම අවස්ථාවේදී සහතිකයක් ලබාදිය නොහැකි බවත් එය ඉටුකිරීමට ඇති ප‍්‍රායෝගික හැකියාව පිළිබඳ සමාගමෙන් උපදෙස් ලබාගත යුතුව ඇති බවත් පාරිභෝගික කටයුතු අධිකාරිය වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් ෆර්සානා ජමීල් මහත්මිය සහ ජනාධිපති නීතිඥ හර්ෂ අමරසේකර මහතා අධිකරණයට පෙන්වා දුන්හ. ඒ අනුව එම පෙත්සම අද (15 දා) දක්වා කල්තැබීමට විනිසුරු ම`ඩුල්ල නියෝග කළහ.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment