ගෘහස්ථ සංගීත සංදර්ශන සඳහා අවසර

581

කොවිඞ් 19 රෝගය පැතිරයෑම පාලනය සඳහා පනවා තිබූ සංචරණ සීමා තවත් ලිහිල් කරමින් ගෘහස්ථ සංගීත සංදර්ශන පැවැත්වීම උද්‍යාන විවෘත කිරීම, ඇතුළු ක‍්‍රියාකාරකම් කිහිපයක් සඳහා සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා අවසර ලබාදී ඇත.
 
 මෙම අවසරය 16 වැනිදා සිට ක‍්‍රියාත්මකය. සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් වෛi අසේල ගුණවර්ධන මහතා විසින් නිකුත් කළ මෙම සංචරණ සීමා ලිහිල් කිරීම යටතේ ද අත්‍යවශ්‍ය සේවා හැර පළාත් අතර සංචරණය තවදුරටත් සීමාව පවතී.
 
 ලිහිල් කර ඇති සංචරණ සීමාවන් මෙසේය. සෞඛ්‍ය මාර්ගෝපදේශ යටතේ ආගමික උත්සව පැවැත්විය හැකිය. සත්ත්ව උද්‍යාන, වනජීවි උද්‍යාන, ළමා උද්‍යාන, සෞඛ්‍ය මාර්ගෝපදේශ යටතේ විවෘත කළ හැකිය.
 
 කොවිඞ් 19 රෝගය පැතිර යෑමට හේතු වන භෞතිකව සම්බන්ධ වන ක‍්‍රීඩා හැර අනෙකුත් ක‍්‍රීඩා තරග සහ කණ්ඩායම් තරග පැවැත්විය හැකිය. තරග නරඹන්නන්ට සහ දිරි ගන්වන්නන්ට අවසර නැත.
 
 නවාතැන් ස්ථාන, බෝඩිං නිවාස, ඔට්ටු ඇල්ලීම් ස්ථාන, විවෘත කළ හැකිය.
 
 සංගීත සංදර්ශන පැවැත්විය හැක්කේ ශාලාවේ අසුන් ගණන හෝ ශාලාධාරිතාවයෙන් හරි අඩක සීමාව යටතේය.
 
 එළිමහන් සැනකෙළි සහ සංගීත සංදර්ශන පැවැත්වීම සඳහා අවසර නැත.
 
– උපාලි ද සේරම්

advertistmentadvertistment
advertistmentadvertistment