ගෙදරක තිබූ බයික් එකටයි කාර් දෙකටයි මහ රෑ ගිනි තියලා

211

පෞද්ගලික ආරවුලක් හේතුවෙන් මෝටර් රථ දෙකකට සහ යතුරුපැදියකට ගිනි තබා විනාශ කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් හලාවත පොලිසිය විමර්ශනයක් අරඹා තිබේ.

තමන් ඇතුළු පවුලේ අය නිවසේ රැය පහන් කරමින් සිටින විට ඇසුණු ශබ්දයක් හේතුවෙන් අවදි වී බලන විට තම නිවසේ නවතා තිබූ මෝටර් රථ දෙකකට සහ යතුරුපැදියකට ගිනි තබා ඇති බව දුටු බව මුගුණුවටවන – පුලියන්කඩවර පදිංචි ව්‍යාපාරිකයකු වන ලාල් හෙට්ටිආරච්චි මහතා හලාවත පොලිසියට කරන ලද පැමිණිල්ලකට අනුව පොලිසිය පරීක්ෂණ අරඹා තිබේ. මෙම ගිනි තැබීම ඊයේ (03 වැනිදා) අලුයම 1.30 ට පමණ සිදුකර තිබේ.

ගෙදරක තිබූ බයික් එකටයි කාර් දෙකටයි මහ රෑ ගිනි  තියලා

වාහනවලට ගිනි තැබීම හේතුවෙන් තමන්ට රුපියල් ලක්ෂ 80 ක පමණ අලාභයක් සිදුවී ඇති බව ව්‍යාපාරිකයා සඳහන් කරයි.

ගිනි තැබීම සිදුකර ඇත්තේ කවුරුන්ද යන්න මෙතෙක් අනාවරණය වී නොමැති බව පොලිසිය සඳහන් කරයි. සිද්ධිය පිළිබඳව හලාවත පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

පුත්තලම – නලීන් හෙන්දුරුගොඩ

advertistmentadvertistment
advertistmentadvertistment