ගෙදරට ආපු 14 හැවිරිදි ඥාති දියණියට පැන්ෂන් පොලිස් නිලධාරියා හදි කරලා – සැකකරු අල්ලන්න පරීක්‍ෂණ

1134

* වෛද්‍යවරයාට තොරතුරු හෙළි වෙයි:

තම සහෝදරයාගේ දාහතර හැවිරිදි දියණියකට ලිංගික අතවර කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් දැරියගේ ලොකු තාත්තාවන විශ‍්‍රාමික පොලිස් නිලධාරියකු අත්අඩංගුවට ගැනීමට ගෝනගංආර පොලිසිය පරීක්ෂණ ආරම්භකර ඇත.

වෙනත් ප‍්‍රදේශයක පදිංචි මෙම දැරිය  නිවාඩු කාලයේ ගෝනගංආර ප‍්‍රදේශයේ පිහිටි සැකකරුගේ නිවසට පැමිණ නතර වී සිට ඇත.

නිවසේ දී ලොකුතාත්තා විසින් දැරියට අවස්ථා කිහිපයක දී ලිංගික අතවරකර ඇති බව අනාවරණය වී ඇත.

මෙම දැරියට ගොඩකවෙල ප‍්‍රදේශයේදී සිදුවූ තවත් ලිංගික හිංසනයක් සම්බන්ධයෙන් කහවත්ත අධිකරණ වෛද්‍යවරයා විසින් සිදුකළ වෛද්‍ය පරීක්ෂණයක දී ඇයට මීට පෙර බරපතළ ලිංගික අතවරයක් සිදුවී ඇති බවට අනාවරණය වී ඇත.

ඒ පිළිබඳව විමසීමේදී 2019 වර්ෂයේ අග භාගයේදී නිවාඩුවකට ගෝනගංආර ප‍්‍රදේශයේ ලොකුතාත්තාගේ නිවසට ගිය අවස්ථාවේ ලොකුතාත්තාගෙන් ඇයට ලිංගික අතවර සිදුවූ බව වෛද්‍යවරයාට පවසා ඇත. වෛද්‍යවරයා විසින් ඒ පිළිබඳව පොලිසියට දැනුම් දී ඇත.

ගෝනගංආර ප‍්‍රදේශයේ පදිංචි දෙදරු පියකුවන විශ‍්‍රාමික පොලිස් නිලධාරියා සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට පොලිසිය කටයුතු කරගෙන යයි.

ගෝනගංආර පොලිස් ස්ථානාධිපති ඒ. එල්. ඞී සතිෂ් කුමාර මහතා පරීක්ෂණ පවත්වයි.

බඩල්කුඹුර – රවිඳු ගුණතිලක

advertistmentadvertistment
advertistmentadvertistment