ගෙදරට බොරු කියා ගණිකා වෘත්තියේ යෙදුණු කතුන්ට වැඩේ වැරැදිලා

1465

කටුනායක නිදහස් වෙළෙඳ කළාපයේ රැකියා කරන බව තම නිවෙස්වලට ප‍්‍රකාශ කරමින් ප‍්‍රදේශයේ නේවාසිකාගාරවල රැඳී සිටිමින් ගණිකා වෘත්තියේ නියැලී සිටි කාන්තාවන් 05 දෙනෙකු කටුනායක පොලීසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් 02 වැනිදා රාත‍්‍රී අත්අඩංගුවට ගෙන තිබේ.

මීගමුව, ඒත්තුකාළ ප‍්‍රදේශයේ කාන්තාවක් විසින් පවත්වා ගෙන යනු ලබන සම්භාහන මධ්‍යස්ථානයක මුවාවෙන් මොවුන් පිරිස මෙසේ ගණිකා වෘත්තියේ නියැලී සිටියදී පොලිස් උපාය දූතයකු යොදා ගනිමින් මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබේ.

අවුරුදු 28, 36, 33, 40 සහ 46 යන වයස්වල පසුවන මොවුන් පුත්තලම, මහියංගනය, මහනුවර, රත්නපුරය සහ දංකොටුව යන ප‍්‍රදේශවල ස්ථිර පදිංචිය ඇති දරුවන් සිටින විවාහක කාන්තාවන් පිරිසකි. මෙසේ අත්අඩංගුවට ගනු ලැබූ මෙම කාන්තාවන් පිරිස ඊයේ (03 දා) දින මීගමුව මහෙස්ත‍්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

මේ පිළිබඳව වැඩිදුර විමර්ශන කටයුතු මීගමුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සමන් සිගේරා සහ කටුනායක පොලිස් කොට්ඨාසය භාර සහකාර පොලිස් අධිකාරී එරික් පෙරේරා යන මහත්වරුන්ගේ උපදෙස් මත කටුනායක පොලිසියේ ස්ථානාධිපති, ප‍්‍රධාන පොලිස් පරීක්ෂක අකිල රණසිංහ මහතාගේ අධීක්ෂණය යටතේ එම පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති, පොලිස් පරීක්ෂක නුවන් තාරක, උප පොලිස් පරීක්ෂක මොහොමඩ් නිෂ්මි, පොලිස් සැරයන් (37371) සුනිල්, පොලිස් කොස්තාපල් (33241) අනුෂ්ක සහ කාන්තා පොලිස් කොස්තාපල් (10971) රාජපක්ෂ යන නිලධාරීහු සිදු කරමින් සිටිති.

ගුවන්තොටුපොළ – ටී. කේ. ජී. කපිල

advertistmentadvertistment
advertistmentadvertistment