ගෙදර අයටත් පිහියෙන් කොටලා පොලිස් නිලධාරියාගේත් ඇඟිලි කපලා

103

සැකකරු 14 දා තෙක් රිමාන්ඩ්

තලාව පොලිසියේ කොස්තාපල් වරයෙකුගේ ඇඟිල්ලක් කැපූ අයෙකු තලාව පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 14 වැනිදා දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගත කර ඇත.

තලාව ඉඳිගස්පතාන ගමේ විශ්‍රාමික යුද්ධ හමුදා භටයෙකු සහ ඔහුගේ බිරිඳ අතර සිදුවූ ආරවුලකදී මෙම සැකකරු ඔහුගේ බිරිඳගේත් අතකපා තුවාල සිදුකර ඇගේ පියාද පිහියෙන් කපා තුවාල සිදුකර තිබේ.

මෙම ආරවුල මැඬ පැවැත්වීම සඳහා තලාව පොලිසියේ 119 හදිසි ඇමැතුම් අංශයේ පොලිස් නිලධාරීන් එහි ගිය මොහොතේ මෙම සැකකරු පොලිස් කොස්තාපල් දිසානායක මහතාගේ ඇඟිල්ල කපා ඇති බව තලාව පොලිසිය කියයි.

කොස්තාපල් දිසානායක අනුරාධපුර රෝහලේ ප්‍රතිකාර ලබයි. සැකකරුගේ බිරිඳ සහ මාමණ්ඩිය තලාව රෝහලට ඇතුළත් කර තිබේ.

නෝමන් පලිහවඩන

advertistmentadvertistment
advertistmentadvertistment