ගෙදර නිතර ගෝරිවලට බලපාන හේතු

925

මේ මිනිහත් එක්කනම් මට පවුල් කන්න බැහැ. මහ යක්‍ෂයෙක්. මේ ගෑනි මළ පෙරේතියෙක්…. මෙවැනි වදන් නොකියවුණු අඹු සැමියන් ඇත්නම් ඔවුන් ඉතා වාසනාවන්තය. නමුත් වර්තමානයේ එවැනි වාසනාවන්තයන් සිටින්නේ ඉතා සුළු පිරිසක්. බහුතරය ඉහත වදන් නිතර පවසන අඹු සැමියන්ය.

 වෛiතුමනි, මෙලෙස අඹු සැමියන් අතර දැඩි වාග් ප‍්‍රහාරයක් සිදුවන්නට බලපාන හේතු මොනවාද?

 මේ සඳහා ප‍්‍රධාන වශයෙන්ම බලපා ඇත්තේ ඔවුන් උපන් නැකතට අනුව හිමිව ඇති යෝගයයි. උපන් නැකතට අනුව, යක්‍ෂ, පේ‍්‍රත, කුම්භාණ්ඩ, චරණ සහ චෞර යන යෝග හිමි වේ. මෙවැනි යෝගයන්ට අනුව බලපාන ගති සිරිත් ඇත. එනිසා මෙවැනි යෝගවල උපන් අය විවාහ වූ විට ඔවුන් තුළ ඊට අදාළ ගති ලක්‍ෂණ මතු වේ.

 යක්‍ෂ යෝගය

 යක්‍ෂ යෝගයෙන් උපන් කාන්තාවක් සහ පිරිමියෙක් විවාහ වුවහොත් දෙදෙනා අතර නිතර සැර පරුෂ වදන්, වාග් ප‍්‍රහාර හටගනී. ගෙදර නිතර ගෝරි… යක්‍ෂ විමානයක් වගේ යැයි පවසන්නේ එවැනි අයවය.

 පේ‍්‍රත යෝගය

 පේ‍්‍රත යෝගයෙන් උපන් අය අතර පිරිසිදු කමක් නැත. ඔවුන් අඳින පළඳින ඇඳුම්ද නිසි පිළිවෙළකට නැත. එම ඇඳුම්ද අපිරිසිදුය. උදෑසන අවදි වූ විට දහවල් වනතුරු රාත‍්‍රී ඇඳුම පිටින් මුහුණ කට සෝදන්නේ නැතිව දවස ගත කරන්නට පුරුදු වී සිටින අඹු සැමියන් ගැන අසන්නට ලැබෙන්නේ මෙම පේ‍්‍රත ගති ලක්‍ෂණ නිසාය.

 කුම්භාණ්ඩ යෝගය

 කුම්භාණ්ඩ යෝගයෙන් උපන් අය නිතරම උත්සහා ගන්නේ තමා සතු ධනය, පරිහරණය කරන්නට නොව ඒවා පොදිගසා ස`ගවා තබා ගන්නටය. මුදල් තිබුණත් විය පැහැදම් නොකර පොදි බැඳගෙන සිටිති.

 චරණ යෝගය

 චරණ යෝගයේ උපන් අය නිතර අසල්වැසි නිවෙස්හි ඇවිදිමින් අන් අයගේ ඕපාදුප හොයමින් දවස

 ගෙවන්නට රුචිකත්වයක් දක්වති.

 චෞර යෝගය

 චෞර යෝගයේ උපන් අය අන් අයගේ දේපොළ සොරකම් කිරීමට දැඩි රුචිකත්වයක් දක්වති. සොරකම් කිරීම ජන්ම ගතියක් බවට පත්ව ඇතැයි පවසන්නේ මෙවැනි අයටය.

 වෛiතුමනි මෙම යෝගවලට බලපාන ගති සිරිත් පාලනය කරන්නේ කෙසේද?

 මෙය ඉතා අපහසු කාර්යයකි. මෙය උපතින්ම උරුම වන ගති ලක්‍ෂණ නිසා එකිනෙකා තුළ අඩුවැඩි අයුරින් මෙම ගති ලක්‍ෂණ පවතී. එනිසා වඩාත්ම සුදුසු විවාහවීමේදී මෙම ජන්ම යෝග ගැන අවධානය යොමුකිරීමය. හැකිතාක් දුරට මෙවැනි එකම ජන්ම යෝගයෙන් උපන් අය විවාහ වීම වැළකී සිටිය යුතුය.

 එකම යෝගයෙන් උපන් දෙදෙනෙක් විවාහ වුවහොත් ඔවුන් අතර පවතින එකම ගති ලක්‍ෂණ නිසා යුග දිවිය අසාර්ථක වේ. නිතර මත ගැටුම් ඇති වේ. විවාහ දිවිය තුළ සතුටට වඩා වද වේදනා බහුල වේ.

 උදාහරණයක් ලෙස චෞර යෝගයෙන් උපන් අඹු සැමි යුවළක් ගනිමු. ඔවුන් දෙදෙනා තුළ නිතරම දැකිය හැක්කේ සොරකමය. ඔවුන් අන් අයගේ මුදල් හදල් දේපළ සොරකම් කිරීමට පමණක් නොව එකිනෙකාගේ මුදල් හදල් දේපළ පවා සොරකම් කිරීමට යොමු වේ. බිරිඳ සැමියාගේ මුදල් සොරකම් කළා. සැමියා බිරිඳගේ මුදල්, රන් ආභරණ සොරකම් කළා ලෙසින් පවසන්නේ මෙම යෝගවල උපන් අයගේ ගතිගුණ අනුවය.

 බිරිඳ හරිම අපිරිසිදුයි. එයාට කොච්චර කිව්වත් අහන්නේ නැහැ කියා ඇතැම් ස්වාමිපුරුෂයන් පවසන්නේ තම බිරිඳගේ පේ‍්‍රත යෝගය ගැන නොදැනය.

 අපේ මහත්තයාට ඉවසීම නැහැ. නිතර මාත් එක්ක රණ්ඩුවෙන්නමයි උත්සාහ ගන්නේ. පොඩි දේටත් කෑගහනවා යැයි පවසන්නේ යක්‍ෂ යෝගයෙන් උපන් පුද්ගලයන් ගැනය.

 මෙම තත්ත්වයන් යම් තරමකට පාලනය කළ හැක්කේ මනුස්ස, දේව, බ‍්‍රහ්ම යෝගවලින් උපන් අයෙක් සම`ග විවාහ වුවහොත්ය. අවාසනාවකට මෙම යෝගවලින් උපන් අය සිටින්නේ ඉතා සුළු ප‍්‍රමාණයකි. මෙවැනි යෝගවලින් උපන් අය බොහෝ විට විවාහ නොවේ. ආගම දහමට නැඹුරුව හුදෙකලා දිවියක් ගත කිරීමට උත්සාහ කරති.

ගෙදර නිතර ගෝරිවලට බලපාන හේතු
advertistmentadvertistment
advertistmentadvertistment