ගෙදර හරිතාගාරයක් හදලා කුෂ් වවලා

433

රුවන්එළියේ සැකකරු එස්.ටී.එෆ්. දැලේ

එළවළු වගාවක් ලෙස නිවසක හරිතාගාරයක් තුළ ඉතා සූක්ෂමව වගා කරන ලද හයිබ්‍රිඩ් වර්ගයේ දෙමුහුන් ප්‍රභේදයක් වන කුෂ් (ගංජා) පැළ සමග පුද්ගලයකු විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් විසින් පෙරේදා (15 වැනිදා) අත්අඩංගුවට ගෙන තිබේ.

නුවරඑළිය පොලිස් වසමේ නුවරඑළිය, රුවන්එළිය පන්සල පාර, ප්‍රදේශයේදී මොහු අත්අඩංගුවට ගන්නා ලදී. සැකකරු 27 හැවිරිදි එහිම පදිංචි අයෙකි.

විවිධ ප්‍රමාණයේ උස පැළ 71ක වගාවක් මෙහි තිබී ඇත. විදේශීයවල වගා කරන ප්‍රභෝදයක් වන මෙම දෙමුහුන් වර්ගයේ ගංජා ප්‍රභේදය ඉතා රහසිගත ලෙස මෙම සැකකරු විසින් වගා කිරීම සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු කිරීමට නුවරඑළිය මූලස්ථාන පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.

ගෙදර  හරිතාගාරයක් හදලා කුෂ් වවලා

විශේෂ කාර්ය බළකාය අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති නීතිඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග පරිදි මහනුවර කලාප අණදෙන නිලධාරි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රත්තේපිටිය මහතාගේ උපදෙස් මත නුවරඑළිය ප්‍රාදේශීය අණදෙන නිලධාරී සහකාර පොලිස් අධිකාරී ඩබ්ලිව්. සී. ඒ. එස්. ද සිල්වා මහතාගේ අධීක්ෂණය යටතේ විශේෂ කාර්ය බළකාය මීපිලිමාන කඳවුරේ කඳවුර අණදෙන නිලධාරී පොලිස් පරීක්ෂක ජී. යූ. සමරසිංහ නිලධාරියාට ලද තොරතුරකට අනුව පොලිස් පරීක්ෂක ඩබ්.පී.එස්. විමලවීර ඇතුළු නිලධාරීහු කණ්ඩායමක් මෙම වැටලීම කළහ.

ප්‍රභාත් විතාන, ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්, ඇන්ටන් ප්‍රනාන්දු, නුවරඑළිය – නාලක රත්නායක

advertistmentadvertistment
advertistmentadvertistment