ගෙනා සියලූ භාණ්ඩ රාජසන්තක කරයි… ව්‍යාපාරිකයන් 30කට රේගුවෙන් අවවාද

978

ඉන්දියාවේ කෙටි සංචාරයක නිරත වූ බව හඟවමින් කොළඹ ප‍්‍රදේශයේ පදිංචි සුළු පරිමාණ ව්‍යාපාරිකයන් 30 දෙනකු රුපියල් ලක්ෂ 40 ක් පමණ වටිනා භාණ්ඩ තොගයක් නීති විරෝධී ලෙස ගුවන් මගින් රැගෙන එමින් සිටිය දී කටුනායක ගුවන් තොටුපළ රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව රේගු මාධ්‍ය ප‍්‍රකාශක” නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ (නීති කටයුතු* සුදත්ත සිල්වා මහතා ප‍්‍රකාශ කළේය.

මෙම ව්‍යාපාරිකයන් පිරිස නිතර නිතර ඉන්දියාව සහ ශ‍්‍රී ලංකාව අතර ගුවන් ගමන්වල යෙදෙමින් මෙම නීති විරෝධී ව්‍යාපාරික කටයුතුවල නිරත වන බව කාලයක සිට රේගු නිලධාරීන් සිදු කළ විමර්ශනවලදී අනාවරණය කර ගෙන තිබේ.

මෙම ව්‍යාපාරිකයන් පිරිස තම ගමන් මලූ තුළ සඟවා ගෙන පැමිණි කහ කිලෝ ග‍්‍රෑම් 472ක්, එනසාල් කිලෝ ග‍්‍රෑම් 352ක් සහ ඖෂධ විශාල තොගයක් ද රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම ව්‍යාපාරිකයන් පිරිස මෙම භාණ්ඩ තොගය ද රැගෙන කිසිවක් ප‍්‍රකාශ කිරීමට නොමැති ‘හරිත මාවත’ ඔස්සේ ගුවන් තොටුපළෙන් පිටතට යමින් සිටියදී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබුණි. නීති විරෝධී ලෙස රැගෙන විත් තිබූ භාණ්ඩ තොගය රාජසන්තක කර මෙම ව්‍යාපාරිකයන් පිරිසට අවවාද කිරීමෙන් පසු නිදහස් කර තිබේ.

ප‍්‍රභාත් විතාන, කටුනායක ටී. කේ. ජී. කපිල

advertistmentadvertistment
advertistmentadvertistment