ගෙලිඔය ඉන්ධන හලට රැගෙන ආ ඩීසල් බවුසරයේ ජලය – බවුසරය හරවා යවයි

308

ගෙලිඔය ඉන්ධන හලට රැගෙන ආ ඩීසල් තොගයක ජලය හා අපද්‍රව්‍ය පැවතීම නිසා එහි රැස්ව සිටි පාරිභෝගිකයන් නොසන්සුන් වීම නිසා එම ඩීසල් බවුසරය නැවත හරවා යැවීමට කටයුතු යොදා ඇත.

මෙම ඉන්ධන බවුසරය පැමිණි පසු එහි සාම්පල ගැනීමේදී මේ බව හෙළිවීම නිසා ඒ සම්බන්ධයෙන් ඛනිජ තෙල් සංස්ථාවට දැන්වීමට ද පියවර ගෙන ඇත.

මෙසේ ආපසු යැවීමට කටයුතු කර ඇති ඩීසල් බවුසරය නැවත මුදාහරින්නේ වෙනත් ඩීසල් බවුසරයක් ඉන්ධන හලට පැමිණීමෙන් පසුව බව රැස්ව සිටි පිරිස් පවසති.

ගම්පොළ – සුරංග දිල්හාන්

advertistmentadvertistment
advertistmentadvertistment