ගෙලිඔය කරමඩදී බදුලු කෝච්චියේ කාරයක් ගැටී කාන්තාවක් මියයයි – තිදෙනෙකුට බරපතල තුවාල

504

බදුල්ල සිට කොළඹ බලා ධාවනය වූ දුම්රියට ගෙලිඔය කරමඩ ප්‍රදේශයේදී මෝටර් රථයක් ගැටීම නිසා එහි ගමන් ගත් කාන්තාවක් මියගොස් තවත් තිදෙනකු බරපතළ තුවාල ලබා පේරාදෙණිය රෝහලට ඇතුළත් කළ බව පේරාදෙණිය පොලිසිය පවසයි.

අනතුරින් මියගොස් ඇත්තේ පිළියන්දල ප්‍රදේශයේ පදිංචි පියුමිකා ජනනි ඩයස් නමැති 61 හැවිරිදි කාන්තාවකි.

මොවුන් කොළඹ සිට ගෙලිඔය පෙදෙසේ පදිංචි ඥාති නිවසකට යමින් සිටියදී මෙම අනතුර සිදුව ඇත.

ගෙලිඔයෙන් කරමඩ ප්‍රදේශයට යාමට ඇති අතුරු මාර්ගයට පිවිසීමත් සමග මෙම මෝටර් රථය දුම්රියේ ගැටී තිබේ.

මේ වන විට මෙම ස්ථානයේ අනතුරු එකොළහක් සිදුව ඇති බව ප්‍රදේශවාසීහු පවසති.

ජනාකීර්ණ ප්‍රදේශයක වුවත් මෙම ස්ථානයේ ගේට්ටු කරුවකු නොමැති අතර කොළඹ ගම්පොල ප්‍රධාන මාර්ගයේ පැමිණෙන වාහන මෙම අතුරු මාර්ගයට පිවිසීමේ දී දුම්රිය පැමිණෙන බව රියදුරුට නොපෙනීම මෙම අනතුරුවලට හේතු බව ප්‍රකාශ වේ.

පේරාදෙණිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වති.
සමන්ති වීරසේකර, ගම්පොළ – සුරංග දිල්හාන්, ජානක සම්පත් බණ්ඩාර ගුන්නෑපාන

advertistmentadvertistment
advertistmentadvertistment