ගෙල කපා පෙම්වතිය මැරූ සරසවි සිසුවා යළි රිමාන්ඩ්

360

විශ්වවිද්‍යාල සිසුවියක වන විසිහතර හැවිරිදි පෙම්වතියගේ ගෙල තියුණු ආයුධයකින් කපා ඝාතනය කිරීමේ චෝදනාව යටතේ සැකපිට අත්අඩංගුවට ගෙන රක්‍ෂිත බන්ධනාගාරගත කර සිටින විශ්වවිද්‍යාල සිසුවකු වන පසිඳු චතුරංග ද සිල්වා නමැත්තා ලබන 13 වැනිදා දක්වා තවදුරටත් රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා ඊයේ (30 දා) නියෝග කළේය.

එම සැකකරු ඊයේ (30 දා) අධිකරණයට ඉදිරිපත් කොට නොතිබූ අතර ඔහු මේ වන විට බන්ධනාගාර රෝහලේ මානසික රෝග ප්‍රතිකාර අංශයේ ප්‍රතිකාර ලබන බව බන්ධනාගාර නිලධාරීහු අධිකරණයට දැනුම් දුන්හ.

ඊයේ විවෘත අධිකරණය හමුවේ පැවති චතුරිකා මල්ලිකාරච්චි නමැති සිසුවියගේ මරණය පිළිබඳ මූලික මහෙස්ත්‍රාත් පරීක්‍ෂණයේදී ඇගේ පියා වන රංජිත් ප්‍රේමකුමාර මහතා උ.පො.ප. ගාමිණී බණ්ඩාර මහතාගේ මෙහෙයවීම යටතේ හැඬූ කඳුළින් සාක්‍ෂි ලබාදුන්නේය. දියණියන් දෙදෙනකුගෙන් යුත් සිය පවුලේ වැඩිමහල් දියණිය වන චතුරිකා නුගේගොඩ අනුලා විද්‍යාලයෙන් උසස් පෙළ සමත්වීමෙන් පසු විශ්වවිද්‍යාලයට ඇතුළත් වී ගණිත අංශයෙන් අධ්‍යාපනය ලැබූ බවත් එකී අකල් මරණය සිදුවන විට ඇය විශ්වවිද්‍යාලයේ තෙවන වසරේ ඉගෙනුම ලබමින් සිටි බවත් හෙතෙම සාක්‍ෂි ලබාදෙමින් ප්‍රකාශ කළේය.
ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment