ගෙල කපා බිරිඳ මරා සැඟව සිටි සැමියා අත්අඩංගුවට

682

පවුල් ආරවුලක් හේතුවෙන් සිය බිරිඳගේ ගෙල කපා ඝාතනය කිරීමෙන් පසු තේ වත්තක සැඟව සිටි පුද්ගලයෙකු ඊයේ (03) අලුයම අත්අඩංගුවට ගැනීමට තිනියාවල පොලිසිය සමත්ව ඇත.

හීන්ගල්ගොඩ, හිනිදුම ප්‍රදේශයේ පදිංචිව සිටි එච්.ඒ.සුජාතා නමැති 33 හැවිරිදි දෙදරු මව නිවස තුළ ඝාතනයට ලක්ව ඇත. ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇත්තේ හීන්ගල්ගොඩ, හිනිදුම ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි පුද්ගලයෙකු බව පොලිසිය කීය. සැකකරු පෙරේදා (02දා) රාත්‍රි සිය බිරිඳ ගේ ගෙළට පිහි පහර කිහිපයක් එල්ලකර නිවස තුළ ඝාතනය කර ඇති බවට ලද තොරතුරක් මත තිනියාවල පොලිසිය පරීක්ෂණ ආරම්භ කර ඇත. ඝාතනය සිදුකර අසල ඇති තේ වත්තක සැඟව සිටි සැකකරුව අත්අඩංගුවට ගෙන සෙන්ටි මීටර් 30 ක් පමණ දිගැති මිට සහිත ලේ තැවරුන පිහියද සොයාගත් බව පොලිසිය කීය. පෙර විවාහක අයවලුන් වන දෙදෙනා අතර නිතර නිතර ගැටුම් සිදුව ඇති බවත්, පවුල් ආරවුලක් හේතුවෙන් ඝාතනය සිදුවන්නට ඇති බවට සැකපළකරන බවත් පොලිසිය කීය. කළුතර කොට්ඨාස අපරාධ ස්ථාන පරීක්ෂණාගෘර නිලධාරීන් පරීක්ෂණ සිදුකරන ලදී. සැකකරු මතුගම මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි. කළුතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කපිල ප්‍රේමදාස මහතාගේ උපදෙස් පරිදි ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නාමල් බණ්ඩාර මහතාගේ මෙහෙයවීමෙන් අපරාධ අංශ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අලුත්ගේ මහතාගේ

ප්‍රධානත්වයෙන් සැරයන් නිමල් (7179), කොස්තාපල්වරුන් වන සම්පත් (78827) සහ මධුසංඛ (85312) යන නිලධාරිහු පරීක්ෂණ පවත්වති.

ආර්. ඒ. එස්. ප්‍රේමතිලක බණ්ඩාරගම

advertistmentadvertistment
advertistmentadvertistment