ගෙවතු වගාව ප්‍රචලිත කිරීමට HNB සරු ගෙවත්ත කොළඹ දිස්ත්‍රික්කය පුරා ව්‍යාප්ත කරයි

68

දිනෙන් දින සීඝ්‍රයෙන් ඉහළ යන ආහාර මිල හමුවේ කොළඹ දිස්ත්‍රික්කයේ නාගරික ප්‍රදේශවල පිහිටි තට්ටු නිවාසවල ගෙවතු වගාව දිරිමත් කරමින් ශ්‍රී ලංකාවේ වඩාත්ම පාරිභෝගික හිතකාමී බැංකුව වන හැටන් නැෂනල් බැංකුව බිම් මට්ටමේ සිටින මෙරට කෘෂිකාර්මික ක්ෂේත්‍රය නැවත නගා සිටුවීමේ ප්‍රයත්නයන්ට සහාය දීම සඳහා වන සිය ප්‍රමුඛතම වැඩසටහනක් වන “සරු ගෙවත්ත” කොළඹ නගරයේ තෝරා ගත් බැංකු ඒකක නවයක් පුරා පසුගියදා දියත් කළේය.

මෙම වැඩසටහනේ පළමු අදියර මධ්‍යම පළාතෙන් ආරම්භ වූ අතර එහි දෙවන අදියර වූ මෙය දිස්ත්‍රික් මට්ටමේ කෘෂිකාර්මික කාර්යාල සම්බන්ධ කරගනිමින් පසුගියදා HNB වැල්ලවත්ත පාරිභෝගික ඒකකයේදී පැවැත්වුණු අතර එදිනම ඊට සමගාමීව තිඹිරිගස්යාය, බම්බලපිටිය, හෙට්ටි වීදිය, කොල්ලුපිටිය, ග්‍රීන් පාත්, ප්‍රධාන කාර්යාලය, මුතුවල් සහ කොටහේන යන HNB බැංකු ඒකකවලදී ද මෙම වැඩසටහන සාර්ථකව දියත් කෙරිණි.

advertistmentadvertistment
advertistmentadvertistment